සුරාබදු නීතීය උල්ලංඝණය කිරීමේ චෝදනාවන්ට නියම කළ උපරීම දඩ මුදලට වඩා වැඩියෙන් අයකළ රුපියල් ලක්ෂ 35 1/2ක මුදල ව්‍යාපාරිකයින්ට යළි ගෙවීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු නිලධාරීන්ට නියම කළ අභියාචනාධිකරණය සුරාබදු පනත යටතේ ගැනෙන වැරදි වලට නිලධාරීන්ගේ අභිමතය පරිදි දඩ නියම කළ නොහැකි බවද අවධාරණය කළේය.
සුරාබදු නීතීය උල්ලංඝණය කිරීමේ චෝදනාවන්ට තමන්ට පනත ඉක්මවා දඩ නියම කළ බව පවසමින් සුරසැල් හිමියන් තිදෙනෙකු විසින් ඉදිරිපත් කළ පෙත්සම් විභාග කළ අභියාචනාධිකරණය අදාළ ව්‍යාපාරිකයින්ගෙන් දඩ වශයෙන් වැඩියෙන් අයකළ මුදල් ආපසු ගෙවීමටනියම කළේය.
අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන සහ අර්ජුන් ඔබේසේකර මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් අදාළ නියෝගය ප්‍රකාශයට පත් කළේය.
නානුඔය සහ නාවලපිටිය ප්‍රදේශවල සුරාසැල් පවත්වාගෙන යන තමන්ගේ සුරාසැල් 2014 වසරේදී සුරුබදු නිලධාරීන් විසින් පරීක්ෂා කොට සුරාබදු නීතීය උල්ලංඝණය කිරීමේ වරද යටතේ තමන්ට චෝදනා ඉදිරිපත් කොට ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 50 බැගින් ගෙවිමට නියම කොට පසුව එම මුදල රුපියල් ලක්ෂ 40 දක්වා අඩුකර ඇතැයි පෙත්සම්කරවෝ අධිකරණයට දැනුම් දී තිබිණී.
ඒ අනුව අඩුකළ රුපියල් ලක්ෂ 40 මුදල තමන් විසින් ගෙවනු ලැබු බවත් එලෙස ගෙවනු ලැබු මුදලින් සීයයට අසුවක් සුරාබදු නිලධාරීන්ගේ ත්‍යාග මුදලට බැර වන බවත් සඳහන් කරන පෙත්සම්කරුවෝ සුරාබදු නීතීය උල්ලංඝණය කිරීමේ වරදට නියම කළ හැක්කේ රුපියල් ලක්ෂ 05ක දඩයක් බවද පෙන්වා දී ඇත.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගය අවසානයේදී සුරාබදු පනත යටතේ ගැනෙන වැරදි වලට නිලධාරීන්ගේ අභිමතය පරිදි දඩ නියම කළ නොහැකි බව අවධාරණය කළ අධිකරණය සුරාබදු නීතීය උල්ලංඝණය කිරීමේ වරදට නියම කළ හැකි රුපියල් ලක්ෂ 05ක දඩ මුදලට වඩා වැඩියෙන් මුදල් අයකිරීම වැරදි බවද සඳහන් කොට ඇත.
ඒ අනුව උපරීම මුදලට වඩා වැඩියෙන් අයකළ රුපියල් ලක්ෂ 35 1/2ක මුදල පෙත්සම්කාර ව්‍යාපාරිකයින්ට යළි ගෙවීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු නිලධාරීන්ට අභියාචනාධිකරණය විසින් නියම කරන ලදී