මෙතෙක් ස්ථිර කර නොමැති රාජ්‍ය සේවයේ නියුතු සියලු සංවර්ධන නිලධාරීන්ගේ පත්විම් ඉතා ඉක්මණින් ස්ථිර කරන බව ස්වදේශ කටයුතු හා පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍ය ජනක බණ්ඩාර මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද (13) දඹුල්ල ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ පැවති ඉඩම් ඔප්පු ප්රදානය කිරීමේ උත්සවයකට සහභාගි වෙමිනි.
වසර පහක හයක කාලයක් දිර්ඝකාලයක් සේවයේ යෙදී සිටියත් බෝහෝ සංවර්ධන් නිළධාරීන්ට ස්ථිර පත්වීම් නොමැති බවත් ඒ සියලුදෙනාගෙ පත්වීම් ඉතා ඉක්මනින් ස්ථීර කරන බවද හෙතෙම සදහන් කළේය.
මෙහිදි මාතලේ දිස්ත්‍රික්කයේ ඉඩම් ඔප්පු නොමැති පුද්ගලයන් 59 දෙනෙකු සඳහා ඉඩම් ඔප්පු දිමනා බලපත්‍ර දීමනා ප්රදානය කළ අතර සංවර්ධන නිලධාරීන් 86 දෙනෙකු සදහා කාර්යාල ගමන් මලු ලබා දීම ද සිදු කෙරිණි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“ඉතාම භාරදූර වගකීමක් තියෙන ඇමතිකමක් තමයි ලැබිලා තියෙන්නේ. මට හරියට කන්න වෙලාවකුත් නෑ නිදා ගන්න වෙලාවකුත් නෑ. ගොඩක් වෙලාවට ජනතාවට ආදරය කරන කැප වෙච්ච පුද්ගලයෙක් හැටියට මට ඉතාම විශාල මෙහෙවරක් ඉටු කරන්න සිද්ධවෙලා තියෙනවා.
මට රාජ්‍යසේවය පිළිබඳව පුදුම හැඟිමක් තියෙන කෙනෙක්. මම හිටපු පොලිස් නිලධාරියෙක් හැටියට මම දන්නවා රජයේ සේවකයන් විදින දුක් කම්කටොලු. හැබැයි මම පොලිස් නිලධාරියෙක් විදිහට ඉන්න කොට මම කල්පනා කළේ හැම තිස්සෙම ජනතාව ගැන. මම ඕනම වයසක අම්මා කෙනෙක්ට අම්මා කියලා කතාකරා. වැඩිහිටිකමට හුඟක් ගරු කරා. රටේ ජනතාව අතරට ගිහිල්ලා මම හිටපු පළාත්වල ඡන්ද ඉල්ලගන්න පුළුවන් තත්ත්වයක් ගොඩනඟා ගත්තා. මම ඡන්දේ ඉල්ලන්න නෙමෙයි එහෙම කරේ. ඒක මගේ යුතුකම නිසා ජනතා මෙහෙවරක් හැටියට ඉටු කරන්න ඒක දේව බැල්ම තියෙන රාජකාරියක්.
සංවර්ධන නිලධාරින් ඉන්නවා අවුරුදු පහ හය ස්ථිර නෑ. රජකාරි කරනවා අපේ රජය යටතේ ඒ සියලු සංවර්ධන නිලධාරින් අනිවාර්යයෙන්ම ස්ථිර කරලා දෙනවා. එවගෙම මේ ජනතාවට ඉඩම් වලට ඔප්පු දෙන්න මේ ඉඩමේ අයිතිය ලබා දෙන්න ලැබීමත් මගේ ජීවිතයේ ලැබුණු භාග්‍යයක් කියලා මම සලකන්නේ මේ ජනතාව විඳින දුක ඇවිල්ල කතා කරන කොට අහනකොට සමහර වෙලාවට බොහොම අමාරුවෙන් තමයි අපි කඳුළු හෙලන් නැතුව ඉන්නෙ.
රාජ්‍ය සේවය ගැන කතා කරන කොට ඔබ දකින්න ඇති එක ග්‍රාම සේවා නිලධාරීනියක් අවුරුදු දහතුනක ගැහැණු දරුවෙකුට පයින් ගහනවා බැට් එකෙන් ගහනවා අතින් පයින් ගහනවා බිම දාගෙන පාගනවා මේක මිනිහෙක්ට බලන් ඉන්න පුළුවන්ද. අම්මා කෙනෙක් බලන් ඉන්න පුළුවන්ද මම දැක්කා විතරයි එයාගේ වැඩ තහනම් කරන්න කිව්වා පරීක්ෂණයක් කරන්න කිව්වා. මම එවෙලම නිලධාරින් ඇරියා නිකවැරටියට ඇරලා පරික්ෂණයක් කරන්න කිව්වා. ඒ තරම් දුක්ඛදායකයි. ඒ වගේ දෙයක් අපේ පළාතේ අපේ රටේ ආයේ වෙන්න දෙන්නත් එපා වෙන්නත් බෑ”.
දඹුල්ල - කාංචන කුමාර