එක්සත් ජාතික පක්ෂය යනු රටට සේවයක් කළ පක්ෂයක් බවත් සියලු දෙනා එකතු කර ගනිමින් පක්ෂය ශක්තිමත් කිරීම බලාපොරොත්තුව බවත් එක්සත් ජාතික පක්ෂ නව නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවැසීය.
අද (15දා) කොළඹ ගංඟාරාම විහාරස්ථානයේ ආගමිකවතාවත් සඳහා එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“ලොකු කාර්ය භාරයක් තිබෙනවා මේ දැවැන්ත පක්ෂයේ නිසි තැන ආපසු ගන්නට. ඒ කාර්යභාරය, කැපවීම කරන්න සූදානම්. ඉදිරියේදී ගෙඩක් මහන්සි වෙන්න වෙනවා. පාක්ෂිකයන්ගේ, ජනතාවගේ විශ්වාසය දිනා ගන්න තිබෙනවා.
සියලු දෙනා එකමුතුව තියාගෙන පක්ෂය තවත් ශක්තිමත් කරන්න තමයි බලාපොරොත්තුව. පක්ෂය ඉදිරියට ගෙනියන්න සියලු දෙනාම අවශ්‍යයි. පක්ෂයට අලුත් මුහුණුවරක් අවශ්‍යයි කියන තැන මම හිටියා.
එක්සත් ජාතික පක්ෂය කියන්නේ රටට සේවයක් කරපු, දැවැන්ත නායකයන් හිටපු පක්ෂයක්. පක්ෂයේ ඉන්න අනිත් නායකවරුන් සියලු දෙනාම එකතු කරගෙන පක්ෂය ශක්තිමත් කරන්න බලාපොරෙත්තු වෙනවා.
20 වැනි සංශෝධනයෙන් ඒකාධිපතිවාදයක් බිහිවෙනවා. එයට විරුද්ධව අපි සටන් කරනවා. ආණ්ඩුව තුළිනුත් දැන් විසිවැනි සංශෝධනයට විරෝධයක් ගොඩ නැගෙනවා. විසිවැනි සංශෝධනය රටට අහිත කරනවා. “