ශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ දිනය වන විට චීනයේ නිශ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා කෝටියකට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ ලබාදී තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ වන විට වැඩිම පිරිසකට ලබාදී ඇත්තේ එම එන්නතයි. පළමු මාත්‍රාව 8 284 463 සයිනොෆාම් පළමු මාත්‍රාවත්, පුද්ගලයන් 1 803 524ක් වෙත සයිනොෆාම් දෙවැනි මාත්‍රාවත් ලබාදී තිබේ.
මේ වන විට ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 12 756 016 ක් වෙත අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලබාදී තිබේ.
පූර්ණ එන්නත්කරණයට ලක්කළ සංඛ්‍යාව 2441368කි.