සයිනොෆාම් එන්නත් දෙවන මාත්‍රාව කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලට මේ දක්වා නොලැබීමෙන් පළමු මාත්‍රාව ලබා ගත් බොහෝ පිරිසක් දැඩි දුෂ්කරතාවයට පත් වී ඇතැයි සෞඛ්‍යය කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වන විට එම එන්නත් මාත්‍රාව ලබා ගත් විශාල පිරිසක් එන්නත ලබා ගැනීම සඳහා සෞඛ්‍ය කාර්යාලය වෙත ගොස් විමසීමේදී මෙතෙක් එන්නත ලැබී නොමැති බව පවසා ඇතැයි දැනගන්නට ඇත.
කොරෝනා රෝගීන් බහුලව වාර්තා වන මෙම අවධියේදී එම එන්නත ලබාගත් පුද්ගලයන් අනෙකුත් පුද්ගලයන් සමග සමාජයේ සැරිසැරීම හේතුවෙන් දැඩි සෞඛ්‍ය තර්ජනයක් හටගෙන ඇත.
මේ පිළිබඳව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතාගෙන් විමසීමේදී මෙසේ පැවසීය. “ සයිනොෆාම් එන්නත ලැබීම ප්‍රමාදයක් වෙලා තියෙනවා .තව නොබෝ දිනකින් ලැබේයැයි විශ්වාස කරනවා . එන්නත ලැබුන සැනින් ලබාදීමට කඩිනම් සැලැස්මක් ආරම්භ කරනවා”