ශ්‍රී ලංකාවේ රෝහල් තුළ කොවිඩ් ආසාදිතයන් ප්‍රතිකාර ලබන බවට ඇතැම් පුද්ගලයන්ට අමතක වී ඇති බවත් ජනතාවගෙන් බොහෝ පිරිසක් හැසිරෙන්නේ ලංකාවේ කොවිඩ් නොතිබූ ලෙස යැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
“ජනතාවගෙන් බොහෝ පිරිසක් හැසිරෙන්නේ කොවිඩ් ලංකාවේ දවසකටත් තිබුණ නැති විදිහටයි. රටේ සමහර අයට අමතක වෙලා තිබෙනවා කොවිඩ් ආසාදිතයන් තවමත් රෝහල්වල ඉන්නවා කියලා.
දිනපතාම පිටරටවල සිට එන අයගෙන් කොවිඩ් ආසාදිතයන් සොයා ගන්නවා. පෙරේදා දිනයේදී ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයන් 76000ක් සොයාගෙන තිබුණා. 963ක් ජීවිතක්ෂයට පත්වෙලා තිබුණා.
එවැනි වාතාවරණයක් යටතේ අපේ කොවිඩ් පාලනය කර ගත්තා. පාලනය කර ගත යුතුව තිබෙනවා. ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ රටේ කොවිඩ් තිබුණා, රෝහල්වල ආසාදිතයන් ප්‍රතිකාර ලබනවා. කොවිඩ් ආසාදිතයන් ගුවන් තොටුපොළවලින් පැමිණෙමින් තිබෙනවා.
හැම පුද්ගලයෙක්ම කොවිඩ් ආසාදනය නොවී සිටීම තමන්ගේ වගකීමක් හා යුතුකමක් තිබෙවා. තවත් පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය නොවන ආකාරයට ජීවත් විය යුතුව තිබෙනවා.
ජනතාව ක්‍රියාත්මක කළ ආරක්ෂිත පියවරවල් තවදුරටත් අනුගමය කරන්න. අනුගමනය කළොත් අපිට ප්‍රශ්ණයක් වෙන්නේ නෑ”