පුරවැසි බලය සංවිධානයේ සමන් රත්නප්‍රිය මහතා පසුගිය 06 දා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් රටතුළ අරගලයක් සිදුවන අන්දමේ ප්‍රකාශයක් කර ඇතැ බවට පොලිස් මූලස්ථානයට ඉදීරිපත් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් වන පරික්ෂණ පොලිස් විශේෂ විමර්ශන ඒකකය යටතට පත්කර ඇත.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත මෙසේ පරීක්ෂණ විශේෂ විමර්ශණ ඒකකය වෙත ලබාදී තිබේ.
මේ සබන්ධයෙන් පිවිතුරු හෙළ උරුමය පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
පැමිණිල්ල සම්බන්ධයෙන් පැමිණිල්ල ඉදිරිපත් කළ පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උපුල් නිශාන්ත මහතාගෙන් අද දිනයේදී දීර්ඝ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
සමන් රත්නප්‍රිය මහතා කළා යැයි කියන ප්‍රකාශය අඩංගු සංස්කරණය නොකළ දර්ශන රූපවාහිනී නාලිකා වලින් ලබාගැනිමට කොළඹ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණය වීසින් නියෝගයක්ද නිකුත් කර තිබේ.