පනවා ඇති සීමා ලිහිල් කෙරුණද තවදුරටත් නිසි සෞඛ්‍ය ක්‍රමවේද යටතේ ජනතාව කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.
අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ ජනතාව එසේ කටයුතු නොකළහොත් රට තුළ කොරෝනා ව්‍යාප්තිය තවදුරටත් ඉහල යා හැකි බවයි.