මේ වසරේ සිට විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් (e-identity card) සහ විද්‍යුත් ගමන් බලපත්‍රයක් (e – passport) හඳුන්වාදීමට කටයුතු කරන බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේය.
ඒ අනුව දිවයිනේ සෑම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයකම හැඳුනුම්පත් නිකුත් කිරීමත්, සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම ගමන් බලපත්‍ර නිකුත් කිරීමටත් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
හැඳුනුම්පත් සහ ගමන් බලපත්‍ර ලබාගැනීමට කොළඹට පැමිණීමට සිදුවීම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවකට මුහුණදී ඇති බවත් මේ පිළිබඳ අවධානය යොමු කරමින් රජය මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවත් මේ සම්බන්ධයෙන් 'අද' පුවත්පතට අදහස් දක්වමින් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල මහතා පැවසීය.
මේ වසරේ මැද භාගය වනවිට විද්‍යුත් ගමන් බලපත්‍රය දිස්ත්‍රික් මට්ටමින් සහ විද්‍යුත් හැඳුනුම්පත් ප්‍රාදේශිය මට්ටමින් නිකුත් කිරීම ආරම්භ කරන බවද පැවසූ අමාත්‍යවරයා,
"ඊ - ගමන් බලපත්‍රයක් (e – passport) හඳුන්වාදෙන්න අපි බලාපොරොත්තු වෙනවා. දැනට දිස්ත්‍රික්ක කිහිපයක ගමන් බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කර තිබෙනවා. මේ නිසා ඉදිරියේදී මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීම තුළින් කොළඹ තදබදය අවම කරන්න පුළුවන්. ඒ වගේම එක්දින සේවාව දිස්ත්‍රික්ක වශයෙන් ලබාදීමට බලාපොරොත්තු වෙනවා.
නව තාක්ෂණය සමග ඊ - හැඳුනුම්පතක් (e-identity card) හඳුන්වාදීමටත් අපි කටයුතු කරනවා. ඒ තුළිනුත් මේ පහසුකම් සියල්ල ලබාදෙනවා. ඒ අනුව දිවයිනේ සියලුම ප්‍රාදේශිය ලේකම් කාර්යාලවලින් හැඳුනුම්පත් නිකුත් කිරීම ආරම්භ කිරීමට අපට අවස්ථාව ලැබෙනවා.
ඒ වගේම මේ වනවිට ක්ෂණිකව උප්පැන්න සහතික, මරණ සහතික, විවාහ සහතික ලබාගත හැකි ක්‍රමයක් ප්‍රාදේශිය ලේකම් කාර්යාල 185ක් ස්ථාපිත කර තිබෙනවා. රටේ ප්‍රාදේශිය ලේකම් කාර්යාල 332ක් තිබෙනවා. මේ වසරේ ඉතිරි ප්‍රාදේශිය ලේකම් කාර්යාලවලටත් එම සේවාව ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. මේ සියලුම සේවාවන් මේ වසර තුළදී ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ජනතාවට කොළඹ එන්නේ නැතිව මේ දේවල් කරගන්න පුළුවන් පහසුකම ඇති කරනවා" යැයිද වැඩිදුරටත් පැවසීය.