මෙරට සෑම දිස්ත්‍රික්කයකම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් සාමාන්‍ය ප්‍රතිශතයක් සිටිය හැකි බව නිගමනයට පැමිණ ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කර සිටියි.
ඒ අනුව එම ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් ඉන්න ප්‍රදේශයක රෝගය බෝ වීම සඳහා ඉඩ සැලසුවහොත් ඉතා ඉක්මනින් මෙය පැතිරෙන්න බවත් මේ හේතුවෙන් ආසාදිතයින් අවම කරගැනීමට අවශ්‍ය බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.