වසංගත තත්ත්වයේදී හෝ වේවා ආපදා තත්ත්වයකදී හෝ වේවා ජනතාව සමග ඒකී අභියෝගය භාර ගැනිමට රජයක් ලෙස සූදානමින් සිටින බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අද (07 )අරලියගහ මන්දිරයේ සිට Zoom තාක්ෂණය ඔස්සේ අධිවේගී මාර්ග හා ගුවන් පාලම් කිහිපයක ඉදිකිරීම්වල වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්රාමාත්යවරයා මේ බව සඳහන් කළේ ය.
සංචරණ සීමා පැනවීමේ දී ජනතාවට විවිධ දුෂ්කරතා ඇතිවන බව දන්නා නමුත් සෑම ජීවිතයකම වටිනාකම තේරුම් ගනිමින් රජය ගෙන යන වැඩපිළිවෙළට සහය දෙන ලෙස අග්රාමාත්යවරයා මෙහි දී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
තව ද ජනතාවට ක්රමවත් මාර්ග පහසුකම් ලබා දීමට රජය කටයුතු කරන්නේ අදට වඩා අනාගතයට එහි ඇති ප්රතිඵලය දෙස බැලීමෙන් බව ද පැවසීය.
අද (7) ඉදිකිරීම් ආරම්භ කළ නව කැලණි පාලමේ සිට කොළඹ පිටත වටරවුම් මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරුව දක්වා කුළුණු මත දිවෙන අධිවේගී මාර්ගයට වැයවන මුදල රුපියල් බිලියන 134.9 කි