2021 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ පෙබරවාරි 21 සිට මාර්තු 03 දා තෙක් පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
අද (26) පෙරවරුවේ කොළඹදී ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් විභාගය මෙලෙස මාසයකින් කල් දැමීමමට තීරණය කළ බවයි.
2021 වර්ෂයේ සමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුණි.