සිප්දොර ශිෂ්‍යත්ව ප්රදානය සඳහා පැවැති උත්සවයක් වෙනුවෙන් වැය කළ වියදම් සහිත බිලක මත්පැන් වෙනුවෙන් කළ වැය ශීර්ෂයක් තිබුණ බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (21දා) සඳහන් කළේය.
සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය යටතේ මෙම වැය ශීර්ෂය 2016දී සිදුකර තිබුණ බවත් ඒ කාලයේදී අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත්තේ එස්.බී. දිසානායක මහතා බවත් ඔහු ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් සොයා බලන බව වත්මන් අමාත්‍ය දයා ගමගේ මහතා සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කලේ සමෘද්ධි හිමිකම් ප්රදානය කිරීමේ උත්සව දෙකක් සඳහාද රුපියල් ලක්ෂ 100කට අධික මුදලක් වැය කර තිබූ බවයි.