ශ්‍රී ලංකාව සහ චීනය අතර සිදුවූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස “සයිනොවැක්” (Sinovac) එන්නත මෙරටදීම නිෂ්පාදනය කිරීමේ කටයුතු ඉදිරි දෙමස ඇතුළත ආරම්භ කිරීම රජයේ අපේක්ෂාව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවැසීය.
චීනයෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස ලැබුණ සිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5 භාර ගැනීම සඳහා කටුනායකට පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව පැවැසීය.
පල්ලෙකැලේ ඖෂධ නිශ්පාදන කර්මාන්ත පුරයේ මෙම සිනෝවැක් එන්නත නිපදවීම පිළිබඳව මේ වන විට අවධානය යොමුව තිබේ. ඒ සඳහා දේශීය සමාගමක්ද අවසර ඉල්ලා තිබේ.