කොබෙයිගනේ පොලිස් වසමේ හෙංගමුව ප්‍රදේශයේ පිහිටි සත්ව ගොවිපලක් තුළ සුනඛයෙකුට අමානුෂික ලෙස වායු රයිෆලයකින් වෙඩි තබා පහරදීමට අදාළව අත්අඩංගුවට ගත් එම සත්ව ගොවිපොළේ මුරකරු නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව එළැඹෙන 03 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
සමාජ මාධ්‍ය ජාලාවල හා රූපවහිනී නාලිකාවල සංසරණය වූ වීඩියෝ පටයක් සමබන්ධව පසුගිය 13 දා කොබියිගනේ පොලීසියට දුරකතනය මගින් ලබාදුන් තොරතුරක් අනුව සිදුකළ විමර්ශනයකින් පසුව ගොවිපොලේ මුරකරු 19 දා අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ඊයේ (20දා) නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. වෙඩි තැබීමට යොදා ගන්නා ලද වායු රයිෆලයද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.