Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
සේනා දළඹුවා මේ වන විට යම් තාක් දුරට පාලනයක් සේම මරදනයක් වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යය පී හැරිසන් මහතා පැවසීය.
අමාත්‍යය පී හැරිසන් මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ මහ ඉලුප්පල්ලම ක්ෂ්‍රේත්‍ර භෝග හා පර්යේෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.
“සේනා දළඹුවා මේ වන විට යම් තාක් දුරට පාලනයක් වගේම මර්ධනයක් ඇති වෙලා තිබෙනවා, දැනට අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව අපිට ඒ සඳහා අවශ්‍ය පෙළගැසීම දැන් සිදු වෙලා තියෙනවා.
මේ දවස් වල ලොකුම කථාව තියෙන්නේ සේනා දළඹුවා ගැනනේ, සේනා දළඹුවා බඩඉරඟුත් කාලා, රටත් කාලා අපිත් කනවා. සමහරු අහනවා දළඹුවා ආවේ ඇට වලින්ද කියලා, සමහරු අහනවා විද්‍යාගාරයක් තුළ හදලා මේක එළියට දැම්මද කියලා.මගේ මිත්‍ර විමල් වීරවංශ මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේදී මගෙන් ඇහුවා මේ දළඹුවා කොහොමද පියාඹාගෙන ආවේ කියලා.මේ මනුස්සයා දළඹුවා දන්නේ නෑ- සලබයා දන්නේ නෑ, හැබැයි බහුශුතයා , හැමදෙයක්ම දන්න මිනිහා.එතනදී හරි බලනවා මේකේ පොඩි කොනක් අල්ලා ගන්න පුළුවන්ද කියලා.”
තිසර සමල්
popular news
Saga Sunday, 03 February 2019 10:34 AM
පාර්ලිමේන්තුවේ ඉන්න 225 "සේනා " වගේම රටේ ශාරය උර බොනවා.
Reply : 0 3
saga Monday, 04 February 2019 02:15 PM
පාර්ලිමේන්තුවේ ඉන්න සෙන 225 මර්දනය කරන්න තම බෙහෙතක් හොයා ගන්න බේරී වුන.
Reply : 0 0
Champa Monday, 04 February 2019 04:27 PM
බොරුවක්. ඔය ප්‍රශ්නේ ඔහොම එකපාරට නැති වෙන්නේ නැහැ. දළඹුවගේ ජීවිත කාලේ සති 1 සිට සති 3 දක්වා නිස දැන් හිටපු එවුන් මැරෙන්න ඇති. නමුත් සලබ වර්ග දෙකක් ඉන්නවා. සාමාන්‍ය සලබය බිත්තර දාන කාල වකවානු දෙකක් තියෙනව ප්‍රධාන වශයෙන්. එකක් ජූනි ජූලි මාස වල ඊළඟට අගෝස්තු සැප්තැම්බර් මාස වල. ඒ කියන්නේ ග්‍රීෂ්ම කාලේ. ඒ වගේම අනිත් විශේෂ සලබය එන්නේ ශීත කාලෙට. අපේ රටේ හැටියට සමහරවිට නොවැම්බර් අග හෝ දෙසැම්බර් වෙන්න පුළුවන්. මේ සතාගේ මුළු ජීවන චක්‍රය දවස් 30යි වෙන රටවල. දැන් ලංකාවේ මේ ගැන පරීක්ෂණයක් කරලා ඇතිනේ. මම දන්නේ නැහැ ඒ ගානමද වැඩි කාලයක්ද කියලා. දළඹුව මර්දනය කරන දේවල් (රසායනික ද්‍රව්‍ය මම නම් අනුමත කරන්නේ නැහැ) මොනවා හරි කරන මර්දනයක් තියෙනවා නම් කරන්න ඕනේ හවසට. ඒ මොකොද සලබය වගේම දළඹුවත් ක්‍රියාශීලී වෙන්නේ රෑට නිසා. උදේට මොනවා දැම්මත් අව්වත් එක්ක ඒවායේ ක්‍රියාව අඩු වෙලා යනවා. දැන් කරන්න ඕනේ වගා කරන කාලය ගැන ගොවීන් දැනුවත් කරන එක. මට කෘෂිකාර්ම උපාධියක් නැහැ. නමුත් මම තනියම කෘෂිකර්මය ගැන ඉගෙන ගත්ත විදිහට නම් බඩඉඟුරු අස්වැන්න ගන්න පැල කරපු දවසේ ඉඳන් මාස 2 - 3 කාලයක් යනව. ඒ හින්ද
Reply : 0 0
Champa Monday, 04 February 2019 04:44 PM
ඒ හින්ද සලබයන් බිත්තර දන්නා එන වකවානු තුනේදීම බඩඉඟුරු මෝරා ගෙන එන හෝ අස්වැන්න ගන්න කාලය වීමෙන් වලකින්න ඕනේ. උදා: විදිහට, මේ අවුරුද්දේ වුනේ නැති වුනත් (මේ අවුරුද්දේ තේරෙන විදිහට සලබය ඇවිල්ල තියෙන්නේ අගෝස්තු අග හෝ සැප්තැම්බර් වෙන්න ඕනේ), දැන් සලබල ලංකාවට ඇවිල්ල ඉන්න හින්ද, ඊළඟ අවුරුද්දේ ජූනි ජූලි මාසවල බිත්තර දාන්න එන්න පුළුවන්. එතකොට අප්‍රේල් බඩඉඟුරු හිටෙව්වොත් ජූනි ජූලි සලබයන් බිත්තර දාන කාලෙට අහු වෙනවා. ඒ හින්ද ජූනි වලට ඉස්සෙල්ල අස්වැන්න ගන්න පුළුවන් විදිහට කලින් හිටවන්න ඕනේ. අනික නැවත අගෝස්තු සැප්තැම්බර් සලබය එන්න පුළුවන් නිසා ඒ කාලෙට බඩඉඟුරු මෝරන කාලේ නොවෙන්න ඕනේ. ආයේ නොවැම්බර් දෙසැම්බර් අස්වැන්න එන විදිහට වගා කිරීමෙන් වලකින්න ඕනේ. ඒ මොකොද කිව්වා නම් බිත්තරේ සිට සලබය දක්වා ජීවන චක්‍රය දවස් 30ක් විතරයි. දැන් ඉන්න දළඹුවෝ නොවැම්බර් දෙසැම්බර් දාපු බිත්තර වලින් ආපු එවුන්. මේක ටිකක් පැටලිලියි. මට කියන්න ඕනේ දළඹුව අන්තිමට බිත්තර දාන්න එන නොවැම්බර් දෙසැම්බර් මාස වල තමයි බඩඉඟුරු වගා කරන්න ඕනේ. එතකොට සලබය බිත්තර දැම්මට, එයාගේ ජීවන චක්‍රය දවස් 30 හින්ද බඩඉඟුරු කරල් හැදෙන කාලෙට දළඹුව නැහැ.
Reply : 0 0
Champa Monday, 04 February 2019 05:06 PM
නොවැම්බර් දෙසැම්බර් බඩඉඟුරු වගා කරලා, අස්වැන්න මාස තුනෙන් නම් ගන්නේ, ඊළඟ කන්නේ ඒ එක්කම වගා කරන්න ඕනේ. එතකොට තව මාස තුනයි. ජූනි අගට ඉස්සෙල්ල අස්වැන්න ගන්නේ ඕනේ. ඒ මොකොද කිව්වා නම් දළඹුව හැදෙන්නේ අස්වැන්න නෙලන්න පෙර සති 3-4 කාලේ. ඊට පස්සේ බලන්න ඕනේ ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් මාස වල වගා බිම නිකම් තියන්න හෝ තෘණ වර්ගයට අයත් නොවෙන වෙන දෙයක් වවන්න. ඒ මොකොද කිව්වා නම් මේ ජාතියේ සලබය බිත්තර දාන තෝරා ගන්නේ ඒ වර්ගයේ ශාක නිසා. මේ ගැන පර්යේෂණයක් කළා නම් බඩඉඟුරු ශාකයේ තියෙන තිත් ගණන් කලොත් ඒකෙන් හොයා ගන්න පුළුවන් වර්ග මීටරයකට දළඹුවෝ කොච්චර ඉන්න පුළුවන්ද කියලා. මම බඩඉඟුරු වැව්වා නම් මේ වගේ දේවල් මමම හොයා ගන්නවා. මම හිතනවා ඊළඟ අගෝස්තු සැප්තැම්බර් කාලේ සලබය එන එකක් නැහැ කියලා. නමුත් precaution එකක් විදිහට ඒ කාලෙට අස්වැන්න ගන්න විදිහට වගා කරන්න නරකයි. කෘෂිකර්ම අමාත්‍යංශය මේ අවුරුද්දේ "බඩඉඟුරු කාල සටහන" කියලා එකක් හදලා බඩඉඟුරු ගොවීන්ට දෙන්න ඕනේ.
Reply : 0 0
Champa Monday, 04 February 2019 05:25 PM
ඊළඟට ගොවියා ගැන කතා කලොත්, අක්කරයකට දෙනවා කියන රුපියල් 40,000 හොඳටම මදි. අක්කරයකට රුපියල් ලක්ෂයක් දෙන්න ඕනේ. නැත්නම් කොහොමද ගොවියා මේ වෙච්ච පාඩුවත් දරාගෙන ඊළඟ කන්නේ වගා කරන්න සල්ලි හොයා ගන්නේ? මම දැක්ක news වල, විනාශ වෙච්ච බඩඉඟුරු වගාව ගිනි තියෙන කොට කාන්තාවක් අඬනවා. පව් මේ ගොවියෝ. දේශපාලකයෝ දන්නේ නැති වුනාට ගොවියෙකුට තමන්ගේ වගාව තමන්ගේ ජීවිතේ වගේ. දරුවෙක් වගේ ආදරෙන් රැක බලා ගත්ත තමන්ගේ වගාව අස්වැන්න ගන්න හදන කොට දළඹුවෙක් හින්ද විනාශ වුනහම ඒ ගොවියට මොන තරම් හිතේ අමාරුවක් ඇති වෙනවද, මොන තරම් මානසික වැටීමකට ලක් වෙනවද කියන එක රටේ නායකයෝ තේරුම් ගන්න ඕනේ. මෙතන සල්ලි වලට වඩා ගොවියට තමන්ගේ වගාව ගැන තියෙන emotional attachment එක ගැන හිතන්න ඕනේ. බොහෝ පිරිසක් ගම් ආශ්‍රිතව ජීවත් වෙන ලංකාව වගේ කෘෂිකාර්මික රටක, රටේ පාලකයෝ කියන්නේ කෘෂිකර්මයේ නියැලෙන තමන්ගේ ගොවීන්ට වෙන කරදරයකදී ඒ මිනිස්සුන්ගේ හිතේ අමාරුව බෙදා ගන්න තරම් සංවේදී හදවතක් තියෙන මිනිස්සු වෙන්න ඕනේ. හලෝ මෝඩ ආණ්ඩුව, මේ ගොවීන්ට අක්කරයකට ලක්ෂෙ ගානේ, කන්න දෙකක වන්දියක් ගෙවන්න. අඩු ගානේ ඒ මිනිස්සුන්ට හිතෙයි තමන් ගැන බලන කව්රුහරි ඉන්නවා කියල්
Reply : 0 0
Rasa Monday, 04 February 2019 06:26 PM
දලම්බුවගේ ජීවන චක්‍රය දන්නේ නැහැ වගේ. දළඹුව -->සමනලය/සලඹය --> බිත්තර-->දළඹුවන් විශාල ප්‍රමාණයක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd