මිතුරන් අතර පැවැති මත්පැන් සාදයක් අතරතුරදී ඇතිවූ සිද්ධියක් නිසා තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වැලිපැන්න පොලීසිය පවසයි .
තියුණු ආයුධයකින් පහර දීම හේතුවෙන් මෙසේ මිය ගොස් ඇත්තේ හලවල්කැලය ප්රදේශයේ පදිංචි මල්ලවආරච්චි කංකානම්ගේ සමන් පුෂ්පකුමාර නැමති 29 හැවිරිදි දෙදරු පියෙකි .
ඉකුත් දින රාත්රියේ දී මිය ගිය අය තවත් මිතුරන් කිහිප දෙනෙකු සමග හලවල්කැලය ප්රදේශයේ මත්පැන් සාදයක් පවත්වා ඇති අතර,එහිදී එම ස්ථානයේ සිටි තවත් අයෙකු සමග ඇති වූ බහින් බස් වීමකදී මෙම පහරදීම සිදුව ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි .
පහර කෑමට ලක් වූ පුද්ගලයා ත්රිරෝද රථයක් මගින් මීගහතැන්න රෝහලට ඇතුළත් කිරීමට මිතුරන් හා ප්රදේශවාසීන් විසින් කටයුතු කර ඇති අතර ඒ වනවිටත් ඔහු මිය ගොස් ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පහර දුන්නා යැයි සැකකරන අයෙකු පොලීසිය මග හරිමින් සිටින බව පොලීසිය පවසයි .
පළා ගිය සැකකරු සොයා පොලීසිය විසින් මෙහෙයුම් දියත් කර ඇත.