පක්ෂ,පාට,ජාති,ආගම්, භේදයකින් තොරව,හොරුන්, මිනීමරුවන්, අපරාධකරුවන්,නීතියට කොටු කිරීමට සදාචාරාත්මක නොවූ හුදකලා සටනක් කළ තමන්ව එක්සත් ජාතික පක්ෂයෙන් එළවා ඇති බව රන්ජන් රාමනායක මහතා සිය ෆේස්බුක් පිටුවෙන් සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්ව අත්හිටුවීමට අදාළව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී අකිල විරාජ් කාරියවසම් මහතා ඔහු වෙත යොමුකළ ලිපිය ෆේස්බුක් පිටුව හරහා ප්රචාරය කරමින් මේ බව සඳහන් කරයි.