බදුල්ල ලංගම ඩිපොවේ කාර්මික අංගනයේ මුදල් ඔට්ටුවට සූදු කෙලිමින් සිටි ඩිපෝ සේවකයින් හත් දෙනෙකු රුපියල් 8900ක මුදලක් සමග ඊයේ (02) හවස අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මොවුන් සූදු කෙලිමින් එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඇති අතර, බූරු පොලේ සංසරණය වූ මුදල් ද පොලිසිය භාරයටගෙන ඇත.
ඇතැම් ඩිපෝ සේවකයින් රාජකාරී වේලාවන් තුල බීමතින් විවිද නිතී විරෝධි ක්රියාවන්වල නිරත වන බවට පොලීසියට තොරතුරු ලැබී තිබෙන අතර ඒ අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
සැකකරුවන් අද (03) බදුල්ල මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම නියමිතය.
ලුණූගල ප්රසන්න පත්මසිරි