ලංකා සතොස ආයතනය සහ සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති වශයෙන් නුෂාඩ් එම්. පෙරේරා මහතා පත්කර තිබේ. ඔහු අලෙවි වෘත්තිකයෙකු වශයෙන් වසර තිහක පලපුරුද්ද ඇති අයෙකි.
ඩයලොග් සමූහ ව්‍යාපාරයේ ආරම්භක සමාජිකයෙකු වන ඔහු ඩයලොග් රූපවාහිනි නාලිකාවේ ප්‍රථම ප්‍රධාන විධායක නිලධාරි සහ ඩයලොග් සමූහ ව්‍යාපාරයේ සංඛ්‍යාංක සේවා ප්‍රධානි වශයෙන් ද සේවය කළේය.
සංඛ්‍යාංකික ක්ෂේත්රයට අදාළව මැලේසියාවේ දි ආචාර්ය උපාධිය ලබා ඇති අතර 1998 සිට ඩයලොග් ශාඛා පුළුල් කිරීමේ කටයුතු මෙහෙයවා ඇත. මැලේසියාව, ඉන්දුනිසීයාව, නේපාලය සහ බංගලාදේශය යන රටවල දී විශේෂ කාර්යය පැවරුම් ඉටු කර ඇති නුෂාඩ් එම්. පෙරේරා මහතා වෘත්තිකයෙකු වශයෙන් අත්දැකීම් රාශියකින් හෙබි අයෙකි.