මෙරට සංචාරක නවාතැන් සහ වෙනත් සංචාරක සේවාවන් සපයන ආයතන එක් දිනක් තුළ ලියාපදිංචි කරවීම සඳහා නව වැඩපිළිවෙලක් සකස් කරන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. මෙහිදී එම කාණ්ඩ යටතේ ලියාපදිංචිය, බලපත්ර නිකුත් කිරීම සහ බලපත්ර අලුත් කරවීම යන කරුණු සිදු කෙරේ.
මේ පිළිබඳ දැනුවත් කරන පුවත්පත් දැන්වීම් ලබන සතියේදී භාෂා තුනෙන්ම ප්රසිද්ධියට පත් කිරිමටද කටයුතු යොදා ඇත. මෙහිදී ඊට අදාළ කාණ්ඩ යටතේ සම්පූර්ණ ලියකියවිලි ඉදිරිපත් කිරීම අනිවාර්ය වී තිබේ. එම ලියකියවිලි පිළිබඳ තොරතුරු http://www.sltda.lk/online-tourism-business-licensing-services වෙබ් අඩවිය හරහා ලබා ගත හැකිය.