සිංගප්පූරු රජයේ අභ්‍යන්තර කටයුතු සහ නීතිය පිළිබඳ අමාත්‍ය කේ.ෂන්මුගම් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා අද (06දා) දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය. ඔහු සමග එරට රජයේ උසස් නිලධාරීන් පස් දෙනෙකු ද දූත පිරිස ලෙස පැමිණ සිටියහ.
මහ බැංකු බැඳුම්කර සිදුවීමට අදාළව හිටපු මහ බැංකු අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනිම සඳහා ශ්‍රී ලංකාව පරීක්ෂණ පවත්වන අතර ඔහු සිංගප්පූරුවේ රැඳි සිටින බවට තොරතුරු වාර්තා වෙයි.
එ අනුව ඔහු ශ්‍රී ලංකාවට පිටුවහල් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව නිල වශයෙන් සිංගප්පූරුවෙන් ඉල්ලීම් කර තිබේ.