කොවිඩ් 19 වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් දෙමසක පමණ කාලයක් වසා තිබූ ජාතික වනෝද්‍යාන යළිත් විවෘත කිරීමට රජය මගින් තීරණය කරනු ලැබීමෙන් පසු ජාතික වන උද්‍යානය විවෘත කිරීම පිළිබඳව පූර්ව සැලසුම් සැකසීම හා ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයන් නිරීක්ෂණය කිරීම වනජීවී හා වන සංරක්ෂණ කැබිනට් අමාත්‍ය සී. බී . රත්නායක මහතා සිදු කළේය.
කවුඩුල්ල ජාතික වනෝද්‍යානය නිරීක්ෂණය කළ අමාත්‍යවරයා එම උද්‍යාන පිවිසුමේ ඇති සංචාරක මාර්ගෝපදේශ පුවරුවල පවත්නා අඩුපාඩු පෙන්වා දුන්නේය.
ප්‍රවේශ කවුළු දෙකක් විවෘත කර ප්‍රමාදයකින් තොරව වනෝද්‍යානයට ඇතුළු වීමට ඉඩ සලසන ලෙසට උපදෙස් ලබා දුනි.
කවුඩුල්ල ජාතික වනෝද්‍යානයට අදාළ වෙබ් අඩවියක් ආරම්භ කරන ලෙසටද අමාත්‍යවරයා උපදෙස් දී තිබෙනවා.