ඖෂධ සඳහා අයවැයෙන් රුපියල් බිලියන 120 වෙන් කළ යුතු බවට ඇස්තමේන්තු සකස් කොට ඇති බවත් ඖෂධ ඇතුලු සෞඛ්‍ය සේවාවේ අක්‍රමිකතා පිළිබද ජනාධිපති කොමිසමේ වාර්තා අනුව අවශ්‍ය නීතිමය පියවර ගැනීමට රජය කටයුතු කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
අමාත්‍යවරිය ඊයේ දින (01දා) පස්වරුවේ මහරගම අපේක්ෂා රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව ඇය මේ බව සඳහන් කළාය.
“රෝහලේ රෝගී ප්‍රතිකාර සේවාවන් පිළිබදව අපි නිරන්තරයෙන් ප්‍රගති සමාලෝචන කටයුතු සිදු කරනවා. එමෙන්ම රෝහලට අවශ්‍ය ඖෂධ ඇතුලු අනෙකුත් උපකරණ සම්බන්ධයෙනුත් අවධානය යොමු කරනවා.
එම කටයුතු සදහා අවශ්‍ය මුදල් රාජ්‍ය භාණ්ඩාගාරය හරහා මේ වන විටත් ලබා දී තිබෙනවා. ඉදිරියටත් ලබාදීමට කටයුතු කරගෙන යනවා. මෙම අමාත්‍යාංශය අපි බාරගන්නා විට රුපියල් බිලියන 12 ක හිග මුදල් ගෙවන්න තිබුණා නොයෙක් ඖෂධ සමාගම් ඇතුලු ආයතනවලට.
ලබන අවුරුද්දේ රජයේ රෝහල් වලට අවශ්‍ය ඖෂධ සදහා අයවැයෙන් රුපියල් බිලියන 120 ක් වෙන් කළ යුතු බවට ඇස්තමේන්තු කර තිබෙනවා. මේ රටේ මිනිසුන්ගේ බදු වලින් සොයන මුදල් තමයි ඖෂධ සදහා මෙසේ වෙන් කරන්නේ.
එසේ කළත් අපට යම් අවස්ථාවල කණගාටුවක් ඇති වෙනවා එවැනි ලොකු මුදලක් වෙන් කරලත් රෝහල්වලින් ජනතාව බලාපොරොත්තු වන සේවාවන් සහ පහසුකම් එම අයට ලැබෙනවා ද කියන එක ගැන. ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ඨ වෙලා රෝහල්වලින් පිටව යනවා ද කියන ගැටලුව අපි විපක්ෂයේ ඉන්න කාලයේ අපට ඇති වුණ ප්‍රශ්ණයක්.”