සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අවසන් කොට ඇගළුම් ආශ්රිත අධ්‍යාපන ආයතනවලින් පාඨමාලා හදාරන සිසුන්ට දේශීය උපාධි ආයතන සමග එක්ව පිළිගැනීමක් ඇති උපාධියක් ලබාදීමට කටයුතු කරන ලෙස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ අද (15) පැවති සාකච්ජාවක දී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.
ශ්‍රී ලංකා ඇගළුම් පර්යේෂණ ආයතනය, පේෂකර්ම දෙපාර්තමේන්තුව සහ ලංකා සළුසල යන ආයතනවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ජාවක දී ඇමතිවරයා මෙසේ සඳහන් කළේය.
ශ්‍රී ලංකා ඇගළුම් පර්යේෂණ ආයතනය මේ වනවිට පාඨමාලා වර්ග 90ක් ක්‍රියාත්මක කරන අතර වසරකට ශිෂ්‍යයෝ 6,000කට අධික ප්‍රමාණයක් එයින් වෘත්තීය පුහුණුව ලබා ගනිමින් සිටිති. විශේෂයෙන්ම පාසල් හැර යන ශිෂ්‍යයන් මෙවැනි පාඨමාලා සඳහා වැඩියෙන් නැඹුරු කර ගනිමින් ඔවුන්ට වෘත්තීය අධ්‍යාපනයක් ලබාදීමේ වැදගත්කම මෙහි දී ඇමතිවරයා විසින් පැහැදිලි කරන ලදී. ඒ සඳහා පාසල් මට්ටමින් දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ද අමාත්‍යවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නේය.
ඉදිරියේ දී බංග්ලාදේශය, නේපාලය සහ ඉතියෝපියාව වැනි රටවල ශිෂ්‍යයන් ද ලංකාවට පැමිණ මෙම පුහුණු පාඨමාලා හැදෑරීමට සුදානමින් සිටින අතර දෙස් විදෙස් ශිෂ්‍යයන් හදාරන එම පාඨමාලාවල ගුණාත්මකභාවය වැඩිකොට උපාධි මට්ටම දක්වා වැඩි දියුණු කිරීමේ වැදගත්කම මෙහි දී අවධාරණය කෙරිණි. මෙම සියලු ආයතන එක්ව විධිමත් සැලසුමකට සහ ප්රතිපත්තියකට අනුව ඉදිරියේ දී කටයුතු කිරීමේ වැදගත්කම අමාත්‍යවරයා විසින් පැහැදිලි කරන ලදී.
පේෂකර්ම දෙපාර්තමේන්තුව යටතේ නව අත් යන්ත්‍ර පුහුණු පාසල් ඇති කිරීමට සහ පේෂකර්ම ගම්මාන සංකල්පය නැවත නගා සිටුවීමට අවශ්‍ය පසුබිම සකසන ලෙස ද අමාත්‍යවරයා පේෂකර්ම නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.