ශිෂ්‍යත්වයේ පළමුවැනියෝ දෙන්නෙක් - හොඳම ප්‍රතිඵල මෙන්න
ප්‍රතිඵල නිකුත් වූ විභාගයේ පළමු ස්ථාන දෙකක් වාර්තා කිරීමට සිසුන් දෙදෙනෙක් සමත්ව තිබේ. ඔවුන් දෙදෙනාම ලකුණු 199 බැගින් වාර්තා කර තිබේ.
01 මෙත්නුල් විතානගේ - සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයේ (පිළියන්දල)
01 සනූප දිමත් පෙරේරා - ශාන්ත මරියා මහ විදුහල (වේයන්ගොඩ)
එසේම දෙවැනි ස්ථාන තුනක්, තුන්වැනි ස්ථානයක්, හතරවැනි ස්ථාන 23ක් වාර්තා කර තිබේ. ඔවුන් පිළිවෙළින් ලකුණු 198, 197 හා 196ක් බැගින් ලබාගෙන ඇත.



පළමු ස්ථානය වේන්ගොඩ ශාන්ත මරියා විදුහලේ සනුප දිමත් පෙරේරා (199)
“මම උනන්දුවෙන් පාඩම් කෙරුවා. අම්මා තාත්තා කියනදේ අහගෙන එදිනෙදා පාසලේ දෙන වැඩ කරගෙන ගියා. මගේ පන්තියේ ගුරුතුමිය වන චින්තා ඩයස් මහත්මියගේ උපදෙස් මගේ ජයග්‍රහණයට හේතුවුණා. පාසලේ වැඩ ඕන කමින් කරන අතර මම උපකාරක පන්තියකටද ගිහින් මගේ දැනුම වැඩි කර ගත්තා. මේ සියලු කාරණා නිසා මට මේ ජය ලබන්න පුළුවන් වුණා."
මීරිගම කාන්ති

තෙවැනි ස්ථානය - වව්නියාව ශිවපුරම් ප්‍රාථමික පාසලේ - බාලකුමාර් හර්තිකන් සුජා (197)
මධුශංක අමරසිංහ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
