ශ්‍රීලනිප - පොහොට්ටු සාකච්ඡාවට උප ජනපති-උප අගමැති හරස්වෙයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන එක්සත් පෙරමුණ (පොහොට්ටුව) අතර පවත්වන සාකච්ඡා මාලාවට උප ජනාධිපති හා උප අගමැති තනතුරු හරස් වී ඇති බවට 'අද' පුවත්පතට වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන එක්සත් පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡාවේදී ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස නම් කරන පුද්ගලයා පිළිබඳ වූ තීරණය ඉතා තීරණාත්මක කරුණක් බවට පත්ව තිබේ.
මෙහිදී දෙපාර්ශ්වයට එක්වීමට නම් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබිය යුතු ස්ථානය පිළිබඳ දීර්ඝව සාකච්ඡාවට ලක්කර ඇති අතර, එහිදී ජනාධිපති අපේක්ෂකත්වය හෝ අගමැති අපේක්ෂකත්වය ලබාදීමට පොදුජන එක්සත් පෙරමුණේ නියෝජිතයෝ කැමැත්තක් පළ කර නොමැති බවද වාර්තා වේ.
එසේම ව්‍යවස්ථාව සංශෝධනයකට ලක්කර උප ජනාධිපති ධුරයක් හඳුන්වා දීමට සලකා බලන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියේජිතයන් යෝජනාවක් ගෙනැවිත් ඇති අතර, ඒ සඳහා පොදුජන එක්සත් පෙරමුණේ යෝජනාව වී ඇත්තේ උප ජනපති තනතුර වෙනුවට උප අගමැති තනතුරක් ස්ථාපිත කිරීමට සලකා බැලිය හැකි බවයි.
කෙසේ වෙතත් මේ පිළිබඳ අවසන් තීන්දුවක් මෙතෙක් ගෙන නොමැති අතර, මෙම කරුණ පිළිබඳ දීර්ඝව කරුණු සලකා බැලීමට දෙපාර්ශ්වය එකඟතාවකට පැමිණ ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.
මේ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැත්වෙන විශේෂ සාකච්ඡාවේදී අවසන් එකඟතාවකට පැමිණීමට හැකිවනු ඇති බවද දෙපාර්ශ්වයේ නියෝජිතයෝ අපේක්ෂා කරති.

popular news
-
Lion Friday, 02 August 2019 02:07 PM
මොන රටද අපිට .පළමුව තනතුරු දෙවනුව සැප සම්පත්
Reply : 0 0
Champa Friday, 02 August 2019 06:19 PM
කියල වැඩක් නැහැ. තනතුරු තියෙනව නම් රට කෑවත් කමක් නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

