ශ්‍රී ලන්කන් ගුවන් සේවය රටට ඔරොත්තු දෙන්නේ නෑ
ශ්‍රී ලන්කන් ගුවන් සේවය විශාල වශයෙන් පාඩු ලබන ආයතනයක් බවත් එය රටට ඔරොත්තු නොදෙන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා මහනුවරදී පැවැසීය.
මහානායක හිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
“ශ්‍රී ලන්කන් ගුවන් සේවය විශාල ප්‍රශ්ණයක් තියෙන ආයතනයක්. කෝප් කමිටුවේ සාමාජිකයෙක් ලෙස මම දන්නවා 2015 දී ශ්‍රී ලන්කන් ගුවන් සමාගෙමේ පාඩුව කෝටි 15000යි.
ඒක මේ රටට ඔරොත්තු දෙන්නේ නෑ. විශේෂයෙන්ම 2015දී ගුවන් යානා 21 යි තිබුණේ සේවකයෝ 8000ක් හිටියා. එක ගුවන් යානයකට සේවකයන් 333ක් හිටියා.
එක සේවකයෙක් වෙනුවෙන් පාඩුව රුපියල් 4945000යි. මේ තත්ත්වය තුළ ගුවන් සමාගම ඉදිරියට ගෙන යෑම ප්‍රශ්ණයක් තිබෙනවා.
කොහොමවුණත් රජය හා පෞද්ගලික හවුල්කාරිත්වයක් යටතේ මේ සමාගම ඉදිරියට ගෙනි යන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රශ්ණය තියෙන්නේ ඒ සා විශාල ණයක් පෞද්ගලික අංශයට දරා ගන්න අමාරුයි.”

popular news
-
මුනසිංහ Monday, 31 December 2018 06:50 AM
ඒක නෙවි අපිට ඔරොත්තු දෙන්නෙ නැත්තේ රටම විනාශ කරන පාර්ලිමේන්තුව.රටක ජාතික ගුවන් සේවයට අකුල් හෙළන මන්ත්‍රීවරු ඉන්න එකම රට-ලංකාව.
Reply : 0 3
janatha anura Monday, 31 December 2018 04:58 PM
ඔහෙට කොරන්න බැරි නම් පුළුවන් කෙනෙකුට බර දෙන්න එපාය ඉපැරණි දෙවැනි ශ්‍රේණියේ ඉතා ආරක්ෂා කාරී පළපුරුදු , අපි ලෝකයට ගෙන යන ගුවන් සමාගම විකුණගෙන කන්න දරන වැයමක් ජනතාව එයට කැමති නැහැ
Reply : 0 0
Kumar Monday, 31 December 2018 10:17 PM
ලංකාවේ සෑම රජයේ අයාතනකම ඔය වගේ නේද. ගුවන් යානයකට 333 සිටිනවා කියල ගනේබලන්න එපා. ලංකා ගුවන් සේවයෙන් වෙනත් සේවාලට අයත් යානාවලටත් ආහාර වැනිදේ සුපයන නිසාත් යානයකට අවශ්‍ය සේවකයින් ගණන වැඩිවිය හැක.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

