ශ්‍රී ලංකාවේ විශාලම මත්කුඩු තොගයට බංග්ලාදේශ 5ක් අත්අඩංගුවට
ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගත් විශාලම හොරොයින් මත්කුඩු තොගය හා සම්බන්ධ සිදුවීමට බංග්ලදේශ ජාතිකයන් පස් දෙනෙක් අත්අඩංගුවට තිබේ.
බංග්ලාදේශ ක්ෂණික ක්‍රියාකාරී බළගණයේ ප්‍රකාශක මොහොමඩ් මුෆ්ටි මහොමඩ් ඛාන් මාධ්‍ය වෙත පවසා ඇත්තේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් පස් දෙනෙක් අත්අඩංගවට ගත් බවයි.
මෙම අත්අඩංගුවට පත්වූ පිරිස අතරින් තිදෙනෙක් කාන්තාවක් වූ අතර දෙදෙනෙක් පිරිමින් වෙයි.
දෙසැම්බර් 31 දා ශ්‍රි ලංකා පොලීසිය විසින් හෙරොයින් කිලෝ ග්‍රෑම් 272ක් හා කොකේන් කිලෝ ග්‍රෑම් 5ක් ගල්කිස්සේදී අත්අඩංගුවට ගත් අතර එය ශ්‍රී ලංකාවේ මෙතෙක් හමුවූ විශාලම මත්කුඩු තොගය වෙයි.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශන සඳහා බංග්ලාදේශයේ සහාය ශ්‍රි ලංකාව ඉල්ලා සිටියේය.


popular news
-
Kumar Tuesday, 29 January 2019 10:20 PM
තව ටික දිනකින් අත්අඩංගුවටගත් කුඩු මුදලාලිට පැනල යන්න ඇපනියම කරන්වනේද.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

