ශ්‍රී ලංකාවේ ගම්මිරිස් කෝටාව අහිමිවීමේ අවධානමක්
බදු සහන භාවිත කරමින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයෙකු විසින් පසුගිය වසර තුළශ්‍රී ලංකා නාමය යටතේ වියට්නාම් ගම්මිරිස් ඉන්දියාවට අපනයනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ගම්මිරිස් ඉන්දියාවට යැවීම සඳහා ලබාදී තිබෙන කෝටාව මෙරටට අහිමි වීමේ අවදානමක් මතුව තිබේ.
මෙලෙස ශ්‍රී ලංකා නාමය යටතේ අපනයනය කළ වියට්නාම් ගම්මිරිස් ගුණාත්මක තත්ත්වයෙන් බාල වීමත්, ශ්‍රී ලංකා ගම්මිරිස් ඇටයක ඇති සැර ලබාගැනීම සඳහා වියට්නාම් ගම්මිරිස් ඇට හතරක් පමණ භාවිත කිරීමට සිදු වීමත් මෙලෙස කෝටාව තර්ජනයට ලක්වීමට හේතු වී ඇතැයි සඳහන් වේ.
ශ්‍රී ලාංකිකයෙකු විසින් වියට්නාමයෙන් ගෙන්වූ ගම්මිරිස් මෙට්‍රික්ටොන් දෙදහස් අටසියයක්පමණ ශ්‍රී ලංකා නාමය යටතේ අලෙවි කළ බවටරේගුව සිදුකළ විශේෂ පරීක්ෂණයකදී හෙළිව තිබේ.
ඉන්දියාවෙන් ලැබෙන බදු සහනය යටතේ වසරකට මෙරටින් ඉන්දියාවට අපනයනය කළ හැකි උපරිම ගම්මිරිස් ප්රමාණයමෙට්රික්ටොන් දෙදහස් පන්සියයකට ආසන්න ප්‍රමාණයක් පමණක් වුවද, අදාළ පුද්ගලයාඑම ප්‍රමාණය ඉක්මවා තවත් ගම්මිරිස් මෙට්‍රික්ටොන් තුන්සියයකටඅධික ප්‍රමාණයක් අලෙවි කර තිබෙන බවටද හෙළිව ඇත.
වියට්නාමයෙන් ගෙන්වා ශ්‍රී ලංකා නාමයයටතේ මෙලෙස අලෙවි කළ ගම්මිරිස් තොගයෙන් ඔහු රුපියල් කෝටි එකසිය හතළිස්හතරක් උපයාගෙන ඇතැයිද තහවුරු වී තිබේ.
පසුගිය වසර තුළදී වියට්නාමයෙන් ගෙන්වූ කන්ටේනර් එකසිය තිස්හතරක් ඉන්දියාවට යවා තිබෙන බවටද හෙළිව ඇත. ශ්‍රීලංකාවට ලබාදී තිබූ ගම්මිරිස් මෙට්‍රික්ටොන් දෙදහස් පන්සියයක කෝටාව භාවිත කරමින් අදාළ ජාවාරම්කරු විසින් ගම්මිරිස් මෙට්‍රික්ටොන් දෙදහස් අටසියයක් අපනයනයකර ඇත්තේ මෙරට දේශපාලනඥයෙකුගේ මැදිහත්වීම මත බවද රේගු නිලධාරීහු සඳහන් කරති.
මෙම ක්‍රියා හේතුවෙන් මෙරටට අදාළ කෝටා ප්‍රමාණය අඩුවී යෑමේ අවදානමක් මතුව තිබෙන බවත්, ලංකාවේ ගම්මිරිස්වල ප්‍රමිතියට වඩා වියට්නාමයේ ගම්මිරිස්වල ප්‍රමිතිය අඩු බැවින් ලංකාවට ලබාදී තිබෙන කෝටාව පවා මෙම ජාවාරම් නිසා අහිමි විය හැකි බවත් එම පිරිස් පෙන්වා දෙති.

popular news
-
rocky Monday, 18 February 2019 02:44 PM
කවුද දැන් ගම්මිරිස් කටයුතු පිලිබඳ ඇමතිතුමා? බදුර්දීන් මහත්තයද?
Reply : 0 1
ගස්පෙ Tuesday, 19 February 2019 02:59 AM
මෙයාගේ ප්‍රසිද්ද කරන්ඩ බැරි ඇයි. ඕක ගම්බිරිස් වලට විතරක් නෙමෙයි හැම බෝගයටමා වෙලා. ඉගුරු ගොවියො මහන්සි වෙලා ඉගුරු වවල අස්වැන්න ගන්න කාලෙට පිට රටින් ගෙනාපු ඉගුරු හින්ද මිල නගින්නෙම නෑ. මෙවුවට දේශපාලනක්නයින් වග කිය යුතුයි
Reply : 0 1
ranjith Tuesday, 19 February 2019 04:15 AM
මේ වගේ අය නිසා රට දියුණු වෙන්නේ කොහොමද අහිංසක ගොවියෝ තමන්ගේ ගම්මිරිස් වලට හොද මිලක් ගන්නේ කොහොමද මේ වගේ කපලුවන්ට නීතියවත් ක්‍රියාත්මක වෙඉද ?
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

