Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
05 වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට තම යෝජනාව පරිදි රජය තීරණය කර තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ශිෂ්‍යත්ව විභාගය හේතුවෙන් දරුවන්ට මුහුණදිමට සිදුව ඇති පීඩාවන් පිළිබඳ අවධානය යොමු කරමින් එම තීරණයට එළැඹි බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ ,මෛතී‍්‍ර ශිල්ප කලා මණ්ඩපය, අද (25දා) පස්වරුවේ සිසු අයිතියට පවරා දෙමිනි.
ශිෂ්‍යත්ව විභාගය ආරම්භ වූයේ දුප්පත් දරුවන්ට සම්පත් සහිත පාසලක අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව සහ ඒ වෙනුවෙන් දිමනාවක් ලබාදීමේ අරමුණින් වුවත් අද එය ජනපි‍්‍රය යැයි සම්මත පාසලකට ඇතුලත්වීමේ තරගයක් වී අති බව ජනාධිපති සඳහන් කළේය.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබන්නන් වැඩි පිරිසක් ශිෂ්‍යත්වය සමත්වූවන් නොවන බව සංඛ්‍යා ලේඛන මඟින් පෙන්වා දෙන බව මෙහි දී පැවසු ජනාධිපතිවරයා එබැවින් ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ අද ගැටලුවක් පවතින බව සඳහන් කළේය.
එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ සිදුවිය යුත්තේ ජනපි‍්‍රය යැයි සම්මත පාසල් සඳහා ඇතුලත්වීමේ තරඟයක් නොව දිවයිනේ සියලු පාසල්වලට සම්පත් ලබාදෙමින් ඒවා භෞතිකව මෙන්ම ගුණාත්මකව සංවර්ධනය කිරීම බවත් එහි වගකීම අදාළ ප්‍රදේශවල මැති ඇමතිවරුන්ට මෙන්ම මහජන නියෝජිතයන්ට පැවරෙන බවත්ය.
popular news
ranjith Tuesday, 26 March 2019 04:06 AM
කුඩා දරුවන්ගේ ළමා කාලය රේක දීමට උගත්තු ගත තෙන්න්දුව අගේකරනවා
Reply : 0 6
Champa Tuesday, 26 March 2019 06:40 AM
එළුවා ඔලුව මුට්ටියේ හිර කර ගත්තහම මහදැන මුත්තා කිව්වලු එළුවට සෑහෙන පීඩාවකට මුහුණ දෙන්න වෙලා තියෙනව මුට්ටිය හිර වෙලා හින්ද. ඒ හින්ද එළුවාගේ බෙල්ල කපල එළුවව ඒ පීඩාවෙන් මුදවන්න කියල. නෙද්දකින් මෙහෙමත් ..... දැන් දිවයිනේ සියලු පාසල්වලට සම්පත් ලබාදෙමින් ඒවා භෞතිකව මෙන්ම ගුණාත්මකව සංවර්ධනය කරන්න ඕනේ කියල කිව්වා හැටියේ ඒවා වෙනවද? ඉස්සෙල්ල කරන්නේ ඕනේ "සියලු පාසල්වලට සම්පත් ලබාදෙමින් ඒවා භෞතිකව මෙන්ම ගුණාත්මකව සංවර්ධනය කරන එක." ඊට පස්සේ ශිෂ්‍යත්වෙට ඉඳගෙන පාස් වුනත් ෆේල් වුනත් කොයිකත් එක විදිහට බාර ගන්න දෙමව්පියෝ පුරුදු වෙයි. ශිෂ්‍යත්වේ කියන්නේ දරුවන්ගේ දැනුම මනින කඩ ඉමක්. දැන් එතකොට එක වසරට ළමයි ඇතුල් කරන්න ලිපින වෙනස් කරන එක හොඳද? දරුවෙක් ලැබෙන්න ඉන්න කොටම දරුවට කොළොඹ ඉස්කෝලයක් ළඟ ලිපිනයක් හොයන එක එව්වට ලක්ෂ ගණන් මුදල් වියදම් කරන එක, හොර උප්පැන්න හදන එක, ඒවා හොඳද. දෙමව්පියෝ කරන හොර වැඩේ හොඳයි. හැබැයි දරුවෙක් තමන්ගේ දක්ෂ කමෙන් වැඩක් ගන්න එක හොඳ නැහැ.
Reply : 168 70
Saththaya Tuesday, 26 March 2019 08:45 AM
ඒ වාගේම පොරොන්දු වූ පරිදි ජනපති දුරයද අහෝසි කරනකල් ජනතාව අවරුදු ගානක් බලාගෙන ඉන්නවා .
Reply : 0 17
ajith Tuesday, 26 March 2019 09:01 AM
මෙහි අවසාන අරමුණ ගමෙන් ප්‍රධාන පාසල් වලට එන ළමයි නැවැත්වීමයි. සාපෙළ අසමත් අයට උසස්පෙළ කිරීමට දීමෙන් දැන් සාපෙළ සමත්වෙලා වෙනත් පාසලක් ලබාගැනීමට නොහැකියි
Reply : 0 0
Champa Tuesday, 26 March 2019 04:02 PM
ශිෂ්‍යත්වේ පාස් වෙච්ච හැමෝම විශ්ව විද්‍යාලේ නොගියට වෙනත් අංශ වල දක්ෂකම් පෙන්වන්න ඇති. දෙමව්පියෝ 0.1%ක් නිසා හැමෝගෙම අවස්ථා නැති කරන එක මහා අපරාධයක්. මමත් ශිෂ්‍යත්වේ පාස් වෙච්ච කෙනෙක්. මායි අපේ තාත්තයි දෙන්නම ගියේ ගමේ ඉස්කෝලෙට. හැබැයි තාත්ත යන කාලේ ඒක ඉංග්‍රීසි ඉස්කෝලයක්. තාත්ත ඉගෙනගෙන තිබුනේ ඉංග්‍රීසි මාධයෙන්. දැනගත්තෙත් අහම්බෙන්. මම ඉස්කෝලේ යනකාලේ දර්ශක ගැන ගානක් අහන්න ගිහාම තාත්ත කිව්වා පුතේ මට ඕක සිංහලෙන් කියල දෙන්න තේරෙන්නේ නැහැ ඕනේ නම් ඉංග්‍රීසියෙන් කියලා දෙන්නම් කියලා. විස්තර අහන කොට කිව්වා තාත්ත තරම් දක්ෂ නැති, තාත්ත එක්ක ඉගෙන ගත්ත මිනිස්සු පහුකාලෙක අමාත්‍යංශ ලේකම්වරු දිසාපතිවරු වුනා කියලා. ගමේ හැටියට ධනවත් පවුලක ඉපදිලත් වෙනස් රස්සාවක් කලේ මොකොද කියල අම්මගෙන් හැව්වම කිව්වා ගමේ තරහකාරයෝ පෙත්සම් ගහල තාත්තට ආණ්ඩුවේ රස්සාවල් එකකටවත් යන්න බැරි වුන කියලා. ගමේ නූගත් මිනිස්සු නොවෙන්න තාත්තගේ මොලෙන් රටට වැඩක් ගන්න තිබ්බ. මම ලියන හුඟක් දේවල මූලික කරුණු පොඩි කාලේ තාත්තගෙන් ඉගෙන ගත්ත දේවල්. මට කියන්න ඕනේ වුනේ මෝඩ තීරණ අරන් අපේ තාත්තට වුනා වගේ ගම්වල දරුවන්ගේ අවස්ථා නැති කරන්න එපා කියල.
Reply : 0 0
Deepal Nirosh Tuesday, 26 March 2019 04:49 PM
අනේ ජනාධිපතිතුමෝ මේ අපරාධය නම් කරල යන්න එපා. අපේ රටේ තාම පවතින්නෙ යටත් විජි. සමයේ ජනිත කළ පුද්ගල ප්‍රවර්ධන කේන්ද්‍රික අධ්‍යාපන ක්‍රමයක් හා ඒ ආශ්‍රිතව ගොඩනැගූ ජනප්‍රිය පාසල් පද්ධතියක්. පිටිසරබද ගමේ දුප්පත් දරුවෙකුට එවැනි නගරබද පාසලකට ඇතුළත් වී ඉදිරියට යාමට තිබෙන එකම ඉඩ ප්‍රස්ථාව මෙපමණයි. මෙය ඇත්තටම කළොත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුමැතිය දුන්න වගේ පසුකාලීනව ඔබතුමාට පසුතැවිලි වෙන්න සිදුවේවි.
Reply : 0 0
Rattharan Tuesday, 26 March 2019 04:50 PM
අද කාලයේ 5 හේ ශිෂ්ෂත්වය යනුයේ අම්මලාගේ තරඟයක් නිසා අහිංසක දරුවන්ගේ ළමා කාලය විනාශ වෙනවා .... පුළුවන් තරම් ඉක්මනට ඔය යෝජනාව ක්‍රියාත්මක කරන්න ...... දරුවන්ට කරන ලොකු උදව්වක් .....
Reply : 0 0
batangala Tuesday, 26 March 2019 06:30 PM
රටේ අද තියෙන උභතෝකෝටික ප්රශ්නය මේ පොඩි වුන්ගේ 5 ශිෂ්‍යත්ව විභාගෙනෙ. අනිත් ඔක්කොම වැඩ නතර කරලා හරි මේක කරන්න. බැරිවෙලාවත් පොහොට්ටු කට්ටිය අයෙත් ජනාධිපති කමට තරංග කරන්න කිව්වොත් කරපු දෙයක් තියෙන්න එපාය කියන්න.
Reply : 0 0
androw Tuesday, 26 March 2019 10:48 PM
හොදයි . මෙය තරගයක් වෙලා . මගේ සහෝදරයත් ශිස්ස්හත්වේ පාස් උනා. ඒ කාලයේ එය අපට විශාල උදව්වක් උන. නමුත් දැන් ක්‍රමය වෙනස් කල උතු වේ .
Reply : 0 0
Champa Thursday, 28 March 2019 08:46 PM
ඉංග්‍රීසි පත්තරේක දැක්ක ශිෂ්‍යත්ව විභාගේ අහෝසි කරන එක හොඳයි කියලා මහ ඉහලින් කියනව. නගරේ ලොකු ඉස්කෝලවල හයේ පන්ති පිරෙන්නේ ගමේ ඉස්කෝලවල ශිෂ්‍යත්ව විභාගේ සමත් වෙන ළමයින්ගෙන්. මේක අහෝසි කරනවා නම් නගරේ ධනවත්තු හරි කැමතියි. ඒ මොකොද කිව්වා නම් ඊට පස්සේ හයේ පන්තිවල් ඉඳන් ඉහලට ඉන්නේ නගරේ මධ්‍යම පන්තියේ සහ ඉහල මධ්‍යම පන්තියේ ළමයි විතරයි. ගම් වල ළමයි කවුරුවත් නැහැ. නගරේ ඉස්කෝලේ ළඟ ජීවත් වුනත් දුප්පත් ළමයින්ව නගරේ ලොකු ඉස්කෝල වලට ගන්නේ නැහැ. ඒ ඉහල පන්තියේ කොටස ගැන විතරක් කිව්වේ පැහැදිලිවම බැලුවොත් ශිෂ්‍යත්ව විභාගේ සමත් වෙන වැඩි ළමයි පිරිස පහල මධ්‍යම පන්තියේ හින්ද. ශිෂ්‍යත්ව විභාගේ සමත් වුනා කියල හැමෝටම ශිෂ්‍යත්ව ආධාර ලැබෙන්නේ නැහැ. ඒකට ආදායම් කඩඉමක් තියෙනව. ඉතාම අඩු ආදයම් පවුල් වල ළමයින්ට විතරයි මුදල් ආධාර ලැබෙන්නේ. අනිත් දෙමව්පියෝ දරුවන්ව නගරේ ඉස්කෝල වලට යවන්නේ තමන්ගේ වියදමින්. පැහැදිලිවම, 5 වසරේ ශිෂ්‍යත්ව විභාගේ අහෝසි කරන්න කියන්නේ එක්කෝ ශිෂ්‍යත්ව විභාගේ සමත් නොවුණු පිරිස්, එහෙම නැත්නම් නගරේ ජීවත් වෙන පිරිස්, එහෙමත් නැත්නම් ධනවතුන්. ජනාධිපතිතුමා ශිෂ්‍යත්වේ සමත් වුනු කෙනෙක් නෙමෙයි මම හිතන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd