Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
5 වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට රජය කටයුතු කරන්නේ නම් ගමේ දරුවාටත් තම දක්ෂතාතුළින් නගරයේ ජනප්‍රිය පාසල් වලට ඇතුළත් වීම සඳහා සුදුසු වැඩපිළිවෙලක් තිබිය යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (29දා) පස්වරුවේ පැවැසීය.
අළුබෝමුල්ල එස්.මහින්ද විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ පැවති පාසල් ළමුන් 500ක් සඳහා පාසල් උපකරණ ලබා දීමේ උත්සවයට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“ශිෂ්‍යත්ව විභාගයෙන් ළමුන්ට අනවශ්‍ය පීඩනයක් ලැබෙනවා. දෙමාපියන් ද ළමයින්ට අනවශ්‍ය පීඩනයක් දෙනවා. නමුත්, ශිෂ්‍යත්ව විභාගයෙන් දක්ෂතා දක්වන ගමේ ළමයාට ජනප්‍රිය පාසල්වලට ඇතුළත් වීමට හැකි වුණා.
ශිෂ්‍යත්ව විභාගය නැති කරනවානම් ගමේ දක්ෂ ළමයින්ට ජනප්‍රිය පාසල්වලට යාමට හැකි වැඩපිළිවෙලක් සැකසිය යුතුයි. නැත්නම් ගමේ ළමයා හැමදාම ගමේ. රාජකීය විද්‍යාලය, ආනන්ද විද්‍යාලය වැනි ජනප්‍රිය පාසල් එකම පැලැන්තියකට පමණක් සීමාවෙනවා.
රජය ළඟම පාසල හොඳම පාසල කිව්වාට ළඟම පාසලෙහි ගුරුවරු නැත්නම්, ළමයින්ට ක්‍රිඩා කිරීමට පිට්ටනියක් හා අනෙකුත් පහසුකම් නැත්නම් හොඳම පාසල වෙන්නේ කොහොමද?”
popular news
Champa Saturday, 30 March 2019 03:16 PM
විපක්ෂනායකතුමාට ස්තූතියි, ගමේ දරුවා වෙනුවෙන් කතා කලාට. ජනාධිපතිතුමාගේ තර්කය තමයි විශ්ව විද්‍යාලේ යන වැඩි දෙනා ශිෂ්‍යත්ව විභාගේ සමත් අය නෙමෙයි කියන එක. වහල් ආණ්ඩුව හුගක් වෙනස්කම් කළා අධ්‍යාපනයේ. විභාග අමාරුයි කියලා ලේසි කළා. විෂයයන් වෙනස් කළා. ටැබ් දෙන්න හදනව. දැන් කියනව සිලබස් එක ටැබ් එකට දානවලු. ඒ වුනාට හුඟක් රටවලත් සිලබස් එක තාම තියෙන්නේ අච්චු පොත් වල. ලංකාව ඉන්දියාව චීනය පකිස්ථානය ජපානය බංග්ලාදේශය වගේ රටවල අධ්‍යාපනය ඉතාම උසස් මට්ටමක තියෙනවා. බටහිර රටවලට වඩා උසස් මට්ටමක තියෙනව. ඒ හින්දයි ආසියාවේ ළමයි පිටරට විශ්වවිද්‍යාලවල ඉතාම ඉහල දස්කම් පෙන්වන්නේ. ඒ ටික කිව්වේ ලංකාවේ දරුවොත් පිටරට යන්න ඕනේ කියන්න නෙමෙයි. අපේ අධ්‍යාපන ක්රමයේ ඉහල මට්ටම ඒ විදිහට පවත්වාගෙන යායුතුයි කියන එක කියන්න. ඇමරිකාවේ ඇමරිකන් ජාතිකයෝ හරි මෝඩයි කියල මේ ගොල්ලෝ දන්නේ නැතුව ඇති. මෝඩයි කියල කිව්වේ සාමාන්‍ය දැනීම ඉතාම අඩු සහ ක්ෂණිකව යමක් තේරුම් ගෙන විසඳුමක් දෙන එක ඒ ගොල්ලන්ට අමාරුයි. ඇමරිකාවේ දක්ෂකම් පෙන්වන්නේ වෙනත් රටවලින් ගියපු මිනිස්සු, විශේෂයෙන් ආසියාතික රටවලින් ගියපු. එහෙම වෙන්නේ ජාන වලින්. Genetic superiority
Reply : 9 1
Champa Saturday, 30 March 2019 04:03 PM
Genetic Superiority කියන්නේ, අපේ සිංහල ආප්තෝපදේශයක් තියෙන්නේ, ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත කියල. අන්න ඒක. සමහරුන්ට Genetic Superiority (සිංහල වචනේ හරියට ආවේ නැහැ) අනුව වේගය (සිතීමේ වේගය, වැඩ කිරීමේ වේගය), ජවය, බුද්ධිය, මතකය, නිර්මාණශීලිත්වය, කතාවේ ව්‍යක්තභාවය, ශක්තිය, අනුන් ආකර්ෂණය කරගැනීමේ හැකියාව, ඥානය, ගණිතය, ගායනය, රඟපෑම, සංගීතය, චිත්‍ර ඇඳීම, හස්ත කර්මාන්ත, මේ වගේ මොනම හරි හැකියාවන් එකක් හෝ කිහිපයක් උපතින්ම පිහිටනවා. ලංකාව කියන්නේ විශිෂ්ඨ ඉපැරණි ශිෂ්ඨාචාරයක් තිබ්බ රටක් අපේ මුතුන් මිත්තෝ හැම ක්ෂේත්රයකම ඉතාම ඉහල දක්ෂකම් පෙන්වපු මිනිස්සු සහජ බුද්ධිය (wisdom), සහජ ඥානය (intuition) සහ සහජ හැකියාව කියන දේවල් සිංහල අපේ ලේ වලම පිහිටලා තියෙනව. අපේ රජවරු, මුතුන් මිත්තෝ ඉගෙන ගත්තේ පිරිවෙන් වල. විවිධ භාෂාවන් ඉක්මනින් ඉගෙන ගැනීමේ හැකියාවේ සිට සහජ වෙළඳ ඥානය, ගොඩනැගිලි ඉඳි කිරීම, වාරි කර්මාන්තය, මූර්ති ශිල්පය, ගෘහ නිර්මාණ ශිල්පය, සටන් කිරීමේ හැකියාව ආදී විවිධ ශිල්ප ක්‍රම දක්වා නොයෙක් අංශ වල දක්ෂකම් දක්වලා තියෙනව. ඒ ටික කිව්වේ ශිෂ්‍යත්ව විභාගේ ගැන ජනාධිපතිතුමා ඇතුළු සමහරුන්ට තියෙන පටු අදහස්
Reply : 7 1
Champa Saturday, 30 March 2019 04:21 PM
ශිෂ්‍යත්ව විභාගේ දරුවන්ට, දෙමව්පියන්ට පීඩනයක් වෙලා තියෙන්නේ පාසල් වල උගන්වන ක්රමයේ වරද නිසා. නැති කරන්න ඕනේ ඒ පීඩනයට හේතුව මිසක් ශිෂ්‍යත්ව විභාගේ නෙමෙයි. ජනප්‍රිය පාසල් වලට ගමේ දරුවන්ට යන්න තියෙන එකම මාර්ගේ ශිෂ්‍යත්ව විභාගේ විතරයි. මේක ඉස්සෙල්ලත් ලිව්වා. ආපහුත් කියනව. කොළොඹ ජනප්‍රිය පාසල් වල හයේ පන්ති පිරෙන්නේ ශිෂ්‍යත්ව විභාගේ සමත් වෙලා එන ගමේ දරුවන්ගෙන්. විභාගේ නැති කළහම වෙන්නේ ඉතා ඉහල පහසුකම් තියෙන කොළොඹ ජනප්‍රිය පාසල් වල කොළොඹ/අවට ධනවතුන්ගේ දරුවන් විතරක් ඉගෙන ගැනීම. ගමේ දරුවන්ගේ නොයෙකුත් දක්ෂකම් වලට ඉඩ ලැබෙනවා නගරේ පාසලට ආවහම ගමට වඩා හැම අතින්ම පහසුකම් නගරේ පාසල් වල තියෙන නිසා. ගුරුවරුත් ඉන්නවා ඕනේ හැටියේ. අනිත් එක සමාජයේ වුනත් ගමේ පාසලෙන් ආව ළමයෙකුට වඩා නගරේ පාසලක ඉගෙන ගත්ත ළමයෙකුට වැඩි සැලකිල්ලක් තියෙනව. ඒක කිව්වේ කොළොඹ පෞද්ගලික ආයතනයක සම්මුඛ පරීක්ෂණයකට ගිහාම ඉගෙන ගත්තේ කොළොඹ පාසලක කිව්වහම වැඩි සැලකිල්ලක් ලැබෙන නිසා. මේක තමයි ඇත්ත කතාව. ඉස්සෙල්ල නැති කරන්න ඕනේ මේවා. ඊළඟට ගමේ පාසල්වලට පහසුකම් දෙන්න ඕනේ. ගුරුවරු දෙන්න ඕනේ. ගම්වල උගන්වන ගුරුවරුන්ට incentive එකක් දෙන්න ඕනේ. තව ඕනේ ත
Reply : 7 11
weliweriye dil Saturday, 30 March 2019 04:57 PM
ගෝඨාභය රාජපක්ෂ සහා මහින්ද රාජපක්ෂ ඉක්මනින් පරලොව සැපත් වේවා !!! ගෝඨාභය රාජපක්ෂට සහා මහින්ද රාජපක්ෂට දෙවියන්ගේ ශාපය ඇති වේවා !! ගෝඨාභය රාජපක්ෂ ඉක්මනින් පරලොව සැපත් වේවා !!! ගෝඨාභය රාජපක්ෂට දෙවියන්ගේ ශාපය ඇති වේවා !!
Reply : 9 1
ranjith Sunday, 31 March 2019 04:30 AM
මේක දෙසපලනෙට ගව ගන්න එපා කුඩා දරුවන්ට පීඩනය දෙන්න එපා උසස් පසෙල් වලට සාමාන්‍ය පෙළ උසස් ප්‍රතිපල මගින් යන්න පුළුවන් හෙම වෙලාවේම ලමි තරගෙට දන්නා එපා දරුවන්ට අනවශ්‍ය පීඩනයක්
Reply : 1 1
chandana Sunday, 31 March 2019 10:06 AM
අදාල නැති ශාපයන් එතුමන්ලා කරා ලඟා නොවේ. තැන් තැන් වල බෝම්බ පිපිරුණු යුගය අවසන් කිරීම, දෙමව්පියන් සියළු කටයුතු අතපසු කරගෙන පාසල් අසල මුර කල යුගය අවසන් කිරීම, කිසිවක් නොතේරෙන කුඩා දරුවන් ගම්වැසියන් පූජකවරුන් මර බියෙන් ජීවත් වූ මායිම් ගම්මාන නමැති අඳුරු ජීවන ක්‍රමය සහමුලින් දුරු කිරීම, පමණක්ම ශාපයන් ආපසු හැරවීමට ප්රමාණවත්ය. එම පීඩාවන්ට මුහුණ දුන් ලක්ෂ ගණනකගේ ආශිර්වාදයන් එම යුගයේ ජීවත් වු ලක්ෂ ගණනකගේ ආශිර්වාදයන් මෙවැනි ශාපයන් වලට එරෙහිව පෙල ගැසෙනු ඇත. මාතෘකාවට අදාල නොවන දේශපාලනික කරුණකින් ඇතිවූ අඳුර දුරු කිරීමට අදාල නොවන කරුණකින්ම පිළිතුරු ලබා දුනිමි. මාතෘකාව ශිෂ්‍යත්ව විභාගය වන බැවින් අදාල නොවන කරුණු පල නොකිරීමට කතෘවරුන් කටයුතු නොකිරීමෙන් පත්‍රයේ වැදගත් කමද හීන ළුි යයි.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd