එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් 2015 වසරේදි සම්බාධක පැනවීමේ අවධානමක් තිබුණ බව හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසමේ යෝජනා පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළේය.
එම කොමිසමේදී 2009 වසරේදී ශ්‍රී ලංකාවට තුනෙන් දෙකක ඡන්දයක් තිබුණ බවත් පසුව එය ක්‍රමයෙන් අඩුවූ බවත් ඔහු ප්‍රකාශ කළේය.
ජිනීවා කොමිසමට ඉදිරිපත් වී පැමිණ පසුව ලංකාව තුළ කිසිවක් සිදු නොකරන බවත් ඔහු පෙන්වා දුන්නේය.
ජීනිවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වී ඇති යෝජනාවලියට ශ්‍රී ලංකාව සම අනුග්‍රහය දක්වා ඇති බැවින් එහි වෙනස්වීමක් සිදු නොවනු ඇති බවත් ඔහු පැවැසීය.