සිරිපා වන්දනා වාරය අවසන් කරමින් සිරිපා මලුවේ තැන්පත් කර තිබූ සධාතුක කරඩු, සුමන සමන් දේව ප්‍රතිමා සහ පූජා භාණ්ඩ 27 දහවල් වනවිට සිරිපා මලූවෙන් ආපසු වැඩම කරවීම අවස්ථා දෙකක දී සිදුකරනු ලැබීය.
මෙවර ශ්‍රීපාද වන්දනාවාරය අවසන් කිරීමේ සහ පූජාභාණ්ඩ ආපසු පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරයට වැඩම කරවීමේ කටයුතු සම්පූර්ණයෙන්ම නිරෝධායන නීති සහ සෞඛ්‍ය උපදෙස් මත සිදුකරන බව ශ්රීපාදස්ථානාධිපති, රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න නාහිමි පැවසූහ.
ඒ අනුව උදෑසනින්ම රත්නපුර සහ කුරුවිට එරත්න පාර ඔස්සේ වැඩම කර තිබූ සධාතුක කරඩු, දේව ප්‍රතිමා සහ පුජා භාණ්ඩ ආපසු වැඩම කරවන ලදී.
ඒවා රත්නපුර ශ්‍රී පලාබද්දල ශ්‍රීපාද රාජමහා විහාරස්ථානය වෙත පාගමනින් වැඩම කරවනු ලැබීය.
එම පූජා භාණ්ඩ දහවල් 11.30 පමණ වනවිට ශ්‍රී පලාබද්දල ශ්‍රීපාද රාමහා විහාරස්ථානයට ළගාවිය.
එතැන් පටන් අලංකාරව සැරසූ රථ දෙකකින් එම පූජාභාණ්ඩ පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානය වෙත වැඩම කරවනු ලැබීය. දවහල් 01.30 පමණවනවිට එම පූජාභාණ් රැුගත් රථදෙක එහි ළගා විය.
මහා සංඝරත්නය සීමිතව සහ රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම, රත්නපුර ප්‍රාදේශීය ලේකම් ප්‍රදිපිකා ඉලූක්කුඹුර, කුරුවිට වැඩබලන ප්‍රාදේශීය ලේකම් ටී.ඞී. නිහාල් යන මහත්වරු ශ්‍රී පලාබද්දල ශ්‍රීපාද රජමහා විහාස්ථානයට පැමිණ සිටියහ.