ඉකුත් (05) දා පතන ශ්‍රී පාද ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පැවැත්වූයේ යැයි කියන මත්පැන් සාදයට සම්බන්ධ සියලු දෙනා හා පීඨයේ රෙජිස්ටාර්වරයා වහා ඉවත් කරන ලෙස ඉල්ලමින් එම පීඨයේ සිසු සිසුවියන් විසින් අද (07) පෙරවරු10.00 ට දෙවෙනි දිනයටත් එම පීඨයේ පිවිසුම් ගේට්ටුව අසලදී උද්ඝෝෂණයක නිරත වූහ.
මෙම සාදයට සම්බන්ධවූයේ යැයි, කියන විද්‍යා පීඨයේ සේවක පිරිසක් අද දින නැවත සේවයට වාර්තා කර තිබීමත් සමග සිසුන් විසින් මෙසේ උද්ඝෝෂණය කළහ. උද්ඝෝෂකයින් සමග මෙහිදී කොළඹ දුරකතනයෙන් සම්බන්ධ වූ ජාතික විද්‍යා පීඨ කොමසාරිස් එච්.එම්.ඒ. බණ්ඩාර මහතා කතා කරමින් සිසුන්ට දන්වා සිටියේ, සිද්ධියට සම්බන්ධ පිරිස පිළිබඳව පරීක්ෂණයක් පවත්වා අද පස්වරුව වනවිට තීරණයක් ගන්නා බවය.
මෙහිදී උද්ඝෝෂණයට එක්ව සිටි සිසුන් කියා සිටියේ, කොමසාරිස්වරයා අද දින තුළ සාධාරණ තීරණයක් නොගතහොත් තම ඉල්ලීම ඉටුවන තෙක් අඛණ්ඩව උද්ඝෝෂණය පවත්වන බවයි.