නල්ලතන්නිය, ලක්ෂපාන තේ වතුයායේ, තේ කම්හලට ඉහලින් පිහිටි ශ්රී පාද රක්ෂිතයට මායිම්ව ඇති වන වගාවක අද (31) පෙරවරුවේ ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් මේ වනවිට එහි අක්කර 05ක් පමණ සම්පූර්ණයෙන් දැවී විනාශයට පත්ව ඇති බව නල්ලතන්නිය පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්සිරි ප්රනාන්දු මහතා පැවසීය.
නල්ලතන්නිය පොලිස්ථානයේ නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකායේ රිකාටන් කඳවුරේ නිලධාරීන්, මාවුස්සාකැලේ යුද හමුදා කඳවුරේ නිලධාරීන්, වන සංරක්ෂණ නිලධාරීන්, ග්රාම නිලධාරින් ඇතුළු පිරිස ප්රදේශවාසීන් සමග එක්ව මෙම ගින්න පැතිරයාම වළක්වමින් නිවා දැමීමට පැය කීපයක් තිස්සේ උත්සහා කළඳ ප්රදේශයට පවතින දැඩි වියළි කාලගුණය හා දැඩි සුළං තත්ත්වයත් සමග ගින්න ශ්රීඝ්රයෙන් පැතිර යන බව පොලිස්ථානාධිපති වරයා පවසයි.
ශ්රීඝ්රයෙන් පැතිර යමින් පවතින ගින්න නිවා දැමීම සඳහා ශ්රී ලංකා ගුවන් හමුදාවේ සහාය ඉල්ලා ඇති බව පොලිස්ථානාධිපති ලක්සිරි ප්රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.
මස්කෙළිය - ගාමිණි බණ්ඩාර