අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ, සේවය අත්හිටුවා ඇති ශානි අබේසේකර මහතාට විදෙස් ගමන් තහනම් කරමින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සළකා බලමින් මෙම විදෙස් ගමන් තහනම නිකුත් කළේය.
හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ දුරකතන සංවාදවලට අදාළව සිදුකරන විමර්ශනවලට අදාළව මෙසේ ඔහුට විදෙස් ගමන් තහනම් කර තිබේ.