විදෙස්ගතව සිටි අපරාධකරුවන් 72ක් රැගෙන ආවා
- 27 11 2026
- 16:51
- {{hitsCtrl.values.hits}} views
- ..
විදේශ රටවල සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත්, ඒ අනුව මේ වන විට අපරාධකරුවන් 72 දෙනෙකු මෙරටට ගෙන්වාගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පවසයි.
රටවල් 12ක සිටින වරෙන්තුකරුවන් 113 දෙනෙකුට රතු වරෙන්තු නිකුත් කර ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.
විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා ක්‍රියාත්මක “රටම එකට” ජාතික මෙහෙයුමට අදාළව අද (27) රටම එකට මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
පොලිස්පතිවරයා පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විශේෂ සංචාරයක නිරත වූ බවත්, එම සබඳතා මත ඩුබායිහි සිටි සැකකරුවෙකු මෙරටට ගෙන්වා ගැනීමට හැකි වූ බවත් ඔහු සඳහන් කළේය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
