යාපනය කොඩිකාමම් ප්රදේශයේදි යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියට අද (13) දහවල් පුද්ගලයෙකු පැන සියදිවි හානිකරගෙන ඇති බවට කොඩිකාමම් පොලීසිය පවසයි.
යාපනය කන්කසන්තුරෙයි සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියට පැන මෙසේ සියදිවි හානි කොට ගෙන ඇත්තේ ඊයේ (12) දින යාපනය පේදුරුතුඩුව ප්රදේශයේ වෙළඳසැලට ගිනි තබා පළා ගිය පුද්ගලයා බවට කොඩිකාමම් පොලීසිය විසින් සැක පළ කර සිටියි.
අදාළ පුද්ගලයා ඊයේ දින වෙළඳසැලට ඉන්ධන යොදා ගිනි තබන අයුරු අසල පිහිටි සී.සී.ටී.වී කැමරාවක සටහන් වි තිබූ අතර ඔහු සොයා පොලීසිය පරික්ෂණ ආරම්භ කොට තිබියදි මෙම අනතුර වාර්තා වි තිබේ.
කෝච්චියට පැන සියදිවි හානි කරගත් පුද්ගලයාගේ සිරුර පරික්ෂා කිරිමේදී සිරුරට ගිනි තබාගැනීමටද උත්සාහ දරා ඇති අතර සිරුරට ගිනි තබාගෙන දුම්රියට පැන්නේ දැයි යන්න සැක පළ කරන බවද පොලීසිය පවසයි.
මෙසේ සියදිවි හානිකොට ගෙන ඇත්තේ යාපනය පේදුරුතුඩුව ප්රදේශයේ පදිංචි රාජසේකරන් රාජසීලන් නැමති පුද්ගලයෙකු වන අතර ඔහුගේ මළසිරුර කොඩිකාමම් රෝහල වෙතට රැගෙන ගොස් ඇති බවටද පරික්ෂණ සිදු කරන කොඩිකාමම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.