දේශීය පරිභෝජනය සදහා අවශ්‍ය කහ අප විසින් නිෂ්පාදනය කල යුතු බවත් ඒ සදහා ස්ථාවර මිලක් ලබාදිමටත් කෘෂිකාර්මික අංශයේ සියලුම නිලධාරින් වෙත ජනාධිපති උපදෙස් දී ඇති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
අමාත්‍යවරයා මේ අදහස් පල කළේ අද (07) දින කුරුණෑගල මහනාන්නේරිය ගම්මානයේ ගම්වාසීන් සමග ඔවුන්ගේ ඉදිරි අවශ්‍යතාවයන් පිළිබදව සොයා බැලීමට ගොස් ඔවුන් සමග සුහද කථාබහකට එක්වූ අවස්ථාවේදීය.
"මේ රටේ මාර්ග පද්ධතියේ කිලෝමීටර් 100,000ක් කඩිනමින් සංවර්ධනය කිරිමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි අලුතින් අධිවේගී මාර්ග කිහිපයක් ආරම්භ කරනවා. එමගීන් ග්‍රාමීය ජනතාවගේ කෘෂි නිෂ්පාදන කඩිනමින් ප්‍රධාන නගර වලට ගෙනවිත් එම නිෂ්පාදන සදහා සහතික මිලක් නිර්මාණය කර ගොවි ජනතාවගේ ආර්ථික තත්ත්වය ශක්තිමත් කිරිමට අපගේ රජය බලාපොරොත්තු වෙනවා.
රටේ ආනයනයන් සීමා කර ජනතාවට අවශ්‍ය සියලුම ද්‍රව්‍ය රට තුළ නිෂ්පාදනය කිරිමට ක්‍රමවත් වැඩපිළිවෙලක් මේ වන විට ආරම්භ කර තිබෙනවා. සරුංගලය පවා විදේශ රටවලින් ගෙන ආ යුගය අවසන් කර ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් රට තුළ ඇති කර “සංවර්ධනය වෙමින් පවතින රටක්” යන නාමයට තිත තබා සංවර්ධිත රටක් ලෙස ඉදිරියට යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට රැගෙන අවසන්.
සමහරු අපෙන් ප්‍රශ්න කරනවා දේශීය වෙළදපොලේ හිඟ නිෂ්පාදනයන් ආනයනය කර වෙළදපොළට මුදා නොහරින්නේ ඇයි කියලා. අපි ඔවුන්ට ඒ සඳහා ඉඩ ලබා දුන්නොත් ඔවුන් විශාල පරිමානයෙන් ඒවා ආනයනය කර ගබඩා කර තබා අපගේ අස්වැන්න නෙලන කාලතුලදී වෙළදපොලට ඒවා මුදා හැර දේශිය කෘෂි කර්මාන්තය අඩපන කරනවා. ඒ වගේම දේශිය ගොවියා අධෛර්මත් කරන්න අතරමැදි වෙළෙන්දන් ඒ මගීන් උත්සහ කරනවා."