කොළඹ වළාන දුෂණ මර්දන ඒකකයේ පොලිස් නිලධාරින් යැයි පවසමින් හබරණ පිහිටි සම්භාහන මධ්‍යස්ථානයක සේවය කළ කාන්තාවන් දෙදෙනෙකු ඊයේ (12) දින පැහැරගෙන ගොස් තිබේ.
ඉන් එක් කාන්තාවක් බේරි පැමිණ හබරණ පොලීසියට කල පැමිණිල්ල අනුව වහාම ක්‍රියාත්මක වු පොලීසිය සිගිරිය ප්‍රදේශයේදි නිවසක සැඟව සිටියදි පැහැර ගත් කාන්තාවත් එම ජිප් රථය සහ පුද්ගලයින් අත්අඩංගුවට ගත් බව හබරණ පොලීසිය පවසයි.
මෙසේ පැහැර ගැනිමට ලක්ව ඇත්තේ හබරණ පොලිස් වසමේ දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ පවත්වාගෙන යන සම්භාහන මධ්‍යස්ථානයක සේවය කරමින් සිටි වයස අවුරුදු 33ක සහ 34ක කාන්තාවන් දෙදෙනෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් හබරණ පොලීසිය විසින් කල විමර්ශන අනුව මෙම කාන්තාවන් දෙදෙනා හබරණ නගරයේ පිහිටි සම්භාහන මධ්‍යස්ථානයක කලක පටන් සේවය කරමින් සිට ඇත.
ඊයේ (12) දින පස්වරුවේ දි එම ස්ථානයට එක්වරම ජිප් රථයකින් තිදෙනෙකු පැමිණ තිබේ. පසුව එම පුද්ගලයින් පවසා ඇත්තේ තමන් කොළඹ වලාන දුෂණ මර්දන ඒකකයේ පොලිස් නිලධාරින් යැයි පවසා තිබේ. පසුව මේ ආයතනය පරික්ෂා කිරිමට ඇති බව පවසා පසුව එහි සේවය කළ කාන්තාවන් දෙදෙනා ඇඳගෙන ගොස් ජිප් රථයට දමා කොළඹ දෙසට ධාවනය කර තිබේ. එහිදි සිගිරිය ප්‍රදේශයේදි නිවසක කාමරයකට දමා එම පුද්ගලයින් මත්පැන් පානය කිරිමට පටන් ගෙන තිබේ. එම අවස්ථාවේ නිවසේ දොර විවෘත කර ගනිමින් එක් කාන්තාවක් පැන ගොස් මාර්ගයේ පැමිණි බස් රථයක නැග හබරණ පොලීසියට පැමිණ පැමිණිලි කර තිබේ. එම පැමිණිල්ල අනුව වහාම ක්‍රියාත්මක වු පොලීසිය එම ස්ථානයට යන විටත් පැහැරගත් පුද්ගලයින් මත්පැන් පානය කරමින් සිට ඇත.
පසුව එම ජිප් රථය සහ එම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබේ. එම පුද්ගලයින් කුරුණැගල දැනිගම , ත්‍රිකුණාමලයේ නෙල්සන්පුර, සහ උඩපෙරහැරවත්ත බුත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් මොවුන් 58 , 41 , සහ 31 යන වයස් වල පසුවෙන අය බව පොලීසිය හඳුනා ගෙන තිබේ.
පොළොන්නරුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ. පි ධම්මික විරසේකර මහතාගේ උපදෙස් පරිදි මැදිරිගිරිය ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි එම්. එස් කේ බංඩාර මහතාගේ අධික්ෂණයෙන් හබරණ පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක එල්. පි එස් ජයලත් මහතාගේ මෙහෙය විමෙන් පොලිස් කණ්ඩායමක් මෙම වැටලිම සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් ජිප්රථය සහ පුද්ගලයින් අද (13) දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව හබරණ පොලීසිය පවසයි.