පළාත් සභා මැතිවරණය ඉතාමත් ඉක්මනින් පවත්වන බව අභ්‍යන්තර කටයුතු, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතා පවසයි.
අද පෙරවරුවේදී පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම වෙනුවෙන් ජාතික කමිටුවක් පත්කර ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
සීමා නිර්ණ ගැටලු හේතුවෙන් පළාත් සභා මැතිවරණය කල් ගොස් ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.