විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය විරුද්ධ වන අතරේම ඒ සඳහා විකල්පයක් ලෙස 19 ප්ලස් වැඩසටහන ඉදිරිපත් කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
අද (08දා) පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර පැවැති හමුවකදී ඔහු මේ බව පැවැසීය.
සෛවරී රටක්, ඒකීය රටක්, දේශපාලන නිදහස ආරක්ෂා කරන, ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරන ජාතික ආරක්ෂාව තහවුරු කරන වැඩසටහනක් ලෙස 19 ප්ලස් වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් ඔහු පැවැසීය.
මේ සඳහා වන යෝජනා කෙටුම්පත් කරමින් යන බවත් පුළුල් සාකච්ඡා මගින් 19 ප්ලස් වැඩසටහන ගෙන එන බවත් ඔහු සඳහන් කළේය.
" අපි විරුද්ධවීම පමණක් නොවෙයි කරන්නේ. විකල්පයකුත් ඉදිරිපත් කරනවා" යැයි ඔහු පැවැසීය.