ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය අහෝසි කර 20 වැනි සංශෝධනය ගෙන ඒමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
එක්සත් ජාතික පක්ෂය මෙම තීරණය ගෙන ඇත්තේ, පක්ෂනායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුවය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සඳහා විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළ විගස ඊට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නීතිඥවරුන්ට උපදෙස් ලබාදී ඇති බවටද වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂයට අමතරව සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයද 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අධිකරණයට යෑමට මේ වනවිට සාකච්ඡා පවත්වමින් සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නිවේදනය කළේය.