වසූරිය රෝගය මෙරටින් මෙන්ම ලෝකයෙන්ම තුරන් කර ඇති පසුබිමක මෙරටින් වසූරිය රෝගියෙකු වාර්තා වූ බවට පල කළ වාර්තාවල සත්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂිකා වසංගත රෝග විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය 'අද' ට පැවසුවාය.
ඈත අතීතයේ වෛරසයක් මගින් මෙම රෝගය බෝ වී ඇත. රෝගියෙකුගේ ශරීරයේ ඇතිවන තුවාල නීරෝගි පුද්ගලයෙකුගේ ශරීරයේ ගෑවීම හා බිඳිති මාර්ගයෙන් මෙම රෝගය බෝ වී ඇති බවත්, ලෝකයෙන්ම තුරන් කළ මෙවැනි රෝගයක් මෙරටින් වාර්තා වීම සිදුනොවිය හැකි තත්ත්වයක් බවත් ඇය සඳහන් කළාය.