පුත්තලම පොලිස් වසමේ 4 කණුව , කල්අඩිය ප්රදේශයේදි පුත්තලම පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් විසා නොමැතිව මෙරට රැඳි සිටි ඉන්දියන් ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ඉන්දියන් ජාතිකයින් තිදෙනා අද (7) දින පුත්තලම මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.