විශ්ව විද්‍යාල පද්ධතියේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් කර විසදුම් ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මෙසේ සඳහන් කළේ විශ්ව විද්‍යාල වෘත්තීය සමිති හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ (09දා) අරලිය ගහ මන්දිරයේ පැවැති හමුවකදීය.
මෙහිදී විශ්ව විද්‍යල අනධ්‍යයන හා අධ්‍යයන කාර්ය මණඩලවලට අදාළ වැටුප් විෂමතා සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර වැටුප් විෂමතා පිළිබද පූර්ණ අධ්‍යයනයක් කර විධිමත් ක්‍රමවේදයක් නිර්දේශ කරන ලෙස අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.
එහිදී තීරණය කෙරුණේ මේ සඳහා කමිටුවක් පත්කර කමිටුව මගින් තීරණ ලබා ගැනීමටය.
ඒ සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, කම්කරු අමාත්‍ය ගාමිණී ලොකුගේ, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා. මහාචාර්ය සම්පත් අමරතුංග, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ සභාපති සහ වෘත්තීය සමිති නියෝජිතයින් මේ අවස්ථාවට සහභාගි වූහ.