(UPDATE)
හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමග දුරකතන සංවාද පැවැත්වූ බව කියන හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී එන්. රණවක මහත්මිය පැය 4ක පමණ ප්‍රකාශයක් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ලබාදීමෙන් පසු පස්වරු 5.30ට පමණ පසු එම කොට්ඨාසයෙන් පිටත්ව ගියේය.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමග දුරකතන සංවාද පැවැත්වූ බව කියන විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පද්මිණී එන් රණවක මහත්මිය ප්‍රකාශයක් ලබාදීම සදහා කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ තිබේ.
මීට පෙර මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගෙන්ද කොළඹ අපරාධ කොට්ඨාසය අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.