රාජ්‍ය සේවයට 2016 පසු එක්වන කිසිඳු පුද්ගලයෙකු තමන්ට හිමිවන විශ්‍රාම වැටුප ගැන කිසිවක් නොදන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මේ පිළිබඳව විෂයභාර අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙන් හා අමාත්‍ය මංගල සමරවීර හා අග්‍රාමාත්‍ය වරයාගෙන් විමසීම් කල බවත් එහෙත් ඔවුන්ද රාජ්‍ය සේවකයින්ට ලබාදෙන විශ්‍රාම වැටුප පිළිබඳව නොදන්නා බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
රාජ්‍ය සේවයට ආකර්ෂණය කිරීම සඳහා තිබුණ එක් සාධකයක් වූයේ විශ්‍රාම වැටුප බවත් මේ වන විට ඒ තත්ත්වය නැතිකර තිබෙන බවත් මේ නිසා විධායක මට්ටමේ නිලධාරීන් රට හැරයන බවද කියා සිටියේය.
විධායක මට්ටමේ නිලධාරීන් රාජ්‍ය සේවයට එක්කර ගැනීම තුළින් රටටත් ජනතාවටත් ප්රතිලාභ ලැබෙන බවද සඳහන් කළේය.
මේ රජයේ කිසිවෙකුටත් රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප ගැන කිසිවක් කීමට නොහැකි වීම බරපතළ තත්ත්වයක් බවද අද (23 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.