විවාහ මංගල, අවමංගල සහ අනෙකුත් උත්සව සියල්ල අද (24) සිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දැඩි පරික්ෂාවට ලක්කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
සෞඛ්‍ය මාර්ගෝපදේශ හා නිරෝධායන නීති කඩ කරමින් සියලූම උත්සව සංවිධානය කරන්නන්ට හා උත්සව ශාලා අයිතිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට මෙන්ම රුපියල් දෙදහසේ සිට දස දහස දක්වා දඩ මුදල් අයකර ගැනීමට ද කටයුතු කරන බව ඒ මහතා කියා සිටියේය.
විවාහ මංගල හා අනෙකුත් උත්සව පවත්වන්න අපි අවසරය ලබා දි තිබුණේ ආසන ධාරිතාව 25% නොඉක්මවන විදිහට කටයුතු කරන ලෙසටය.
ඒත් සෞඛ්‍ය උපදෙස් කඩ කරමින් මේ වෙද්දී විවාහ මංගල උත්සව රාශියක් පවත්වන බවට සාක්ෂි සහිතව තොරතුරු වාර්තා වි තිබේ.
එවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග කිරිමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලය දී තිබෙන බවත් එම සංගමය පවසයි.